සිරියා රජය හමුදා ප‍්‍රහාරක හෙලිකොප්ටර් සහ යුද ටැංකි යොදා ගනිමින් එරට හාමා ප‍්‍රාන්තයේ නගරයකට පෙරේදා (13) එල්ල කළ ප‍්‍රහාරයකින් සිවිල් වැසියන් 200 දෙනකු මියගොස් ඇතැයි සිරියානු මානව හිමිකම් සුරැකීමේ සංවිධාන පවසයි. ප‍්‍රහාරය එල්ල වූයේ ටේරයිම්සා නමැති නගරයටය. එහි 7,000 ක් පමණ ජනතාවක් ජීවත් වූ බවත් ප‍්‍රහාරයෙන් මියගිය 200 දෙනාගෙන් වැඩි දෙනා කාන්තාවන් සහ කුඩා දරුවන් බවත් සිරියානු මානව හිමිකම් සුරැකීමේ සංවිධානයේ ප‍්‍රධානී රාමී අබ්දෙල් රෙහ්මාන් ඒ.එෆ්.පී. පුවත් සේවයට පවසා ඇත. සිරියා හමුදා එම නගරයට පහර දී ඇත්තේ රජයට එරෙහිව අවි ගෙන සටන් වදින ‘නිදහස් සිරියානු හමුදාව’ යනුවෙන් හැඳින්වෙන කැරැලිකරුවන්ට නායකත්වය දෙන අබ් මොහොමඞ් සොයමින්ය. කෙසේ නමුත් සිරියා රජයට අයත් ‘සානා’ පුවත් සේවය වාර්තා කර ඇත්තේ සිරියා රජය ‘ත‍්‍රස්තවාදීන්’ සමඟ දරුණු සටනක් සිදුකළ බවය. තමන් එල්ල කළ ප‍්‍රහාරයෙන් සිවිල් වැසියන් මිය නොගිය බවත් මියගියේ අල් කයිඩාවට සම්බන්ධ සටන්කාමීන් බවත් සිරියා රජය කියා සිටී. සිරියාවේ කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන දේශපාලන හඬ ‘සිරියානු ජාතික පාලක මණ්ඩලයයි. ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවසා ඇත්තේ සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජය තවත් සමූල ඝාතනයක් සිදු කර ඇති බවය. මේ අතර ජාත්‍යන්තර මානව හිමිකම් සුරැකීමේ සංවිධානය පවසා ඇත්තේ සිරියා රජය තහනම්කර ඇති පොකුරු බෝම්බ යොදා ගනිමින් ප‍්‍රහාර එල්ල කරන බවය.
2025 ඔක්තෝබර් මස 08
1898
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1518
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සිරියානු හමුදා ප‍්‍රහාරවලින් සිවිල් වැසියෝ 200 ක් මරුට