සිරියා ජනතාවගේ සැබෑ දේශපාලන හඬ යැයි අරාබි ලීගයේ අනුමැතිය ලබා ගැනීමට සමත් ව සිටින සිරියානු කැරැලිකරුවන් සහ එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලින් සැඳුම්ලත් ‘ජාතික පාලක මණ්ලය’ ඊයේ (28) සිය ප‍්‍රථම තානාපති කාර්යාලය කටාර් රාජයයේ පිහිටුවීය.
විපක්ෂ නායක මෝසා අල් කටීබ් කටාර් රාජ්‍යයේ ඩෝහාහිදී එම තානාපති කාර්යාලය විවෘත කළ අවස්ථාවේදී කියා සිටියේ බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන ජනපති අසාද්ගේ රජය පෙරළා දැමීමට ජාත්‍යන්තරයෙන් ප‍්‍රමාණවත් සහායක් නොලැබුණු බවය.
”බටහිර රටවලට අවබෝධ වී තිබෙනවා සිරියාවේ දේශපාලන වෙනසක් අවශ්‍ය බව. අපගේ අදහස් ඔවුන්ට වැටහෙනවා. ඒත් වසර දෙකක් තිස්සේ දිග් ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදයට විසඳුමක් දී අසාද්ගේ පාලනය වෙනස් කිරීමට ඔවුන් කැපී පෙනෙන සේවයක් ඉටු කර නැහැ.” යැයි විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
කටාර් රාජ්‍යයේ ද සහාය ඇතිව ඩෝහාහි එම තානාපති කාර්යාලය පිහිටුවීමෙන්, ජාත්‍යන්තර ප‍්‍රජාවට තවත් සමීප වීමට තමන්ට අවස්ථාව උදා වනු ඇති බව ද විපක්ෂ නායකවරයා වැඩි දුරටත් කියා සිටියේය.
ජයග‍්‍රහණය ලැබීමට නම් කැරැලිකරුවන් සහ විපක්ෂ කණ්ඩායම් අතරේ ද එකමුතුවක් තිබිය යුතු බව ද කටීබ් වැඩි දුරටත් කියා සිටියේය.
විපක්ෂ නායකවරයා පමණක් නොව කටීබ් ජාතික පාලක මණ්ලයේ නායකයා ලෙස ද කටයුතු කළ නමුත් ඉකුත් 25 වැනිදා ඔහු එම තනතුරෙන් ඉවත් වූයේය.
කටිබ්ගේ එම ඉවත් වීමෙන් සිරියානු විපක්ෂ කණ්ඩායම් අතරේ අර්බුදයක් ද හට ගත්තේය. දේශපාලන විචාරකයන් පෙන්වා දුන්නේ කටිබ්ගේ ඉවත් වීමෙන් පෙනී යන්නේ සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් අතරේ බෙදීමක් පෙන්නුම් කරන බවය.
ඉල්ලා අස්වන බව නිවේදනය කරමින් කටිබ් කියා සිටියේ තමාට නිදහසේ කටයුතු කිරීමට අවශ්‍ය බවත් කාටවත් යටත් වී කටයුතු කිරීමට නොහැකි බවත්ය. කෙසේ නමුත් ඉකුත් 27 වැනිදා ඩෝහාහි පැවැති අරාබි නායක සමුළුවට කටීබ් සිරියා විපක්ෂය නියෝජනය කරමින් සහභාගී වූයේය.
අරාබි ලීග සමුළුවට සිරියා රජයේ නියෝජිතයන් සහභාගී නොවී, කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීන් සහභාගී වීම බෂීර් අල් අසාද්ගේ රජයට එල්ල වූ මරු පහරක් යැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වා දුන්හ.
|
කටීබ් තානාපති කාර්යාලව විවෘත කරමින් ... |
2025 දෙසැම්බර් මස 04
794
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිරියානු විපක්ෂ සංධානය කටාර් රාජ්‍යය සමඟ තානාපති සබඳතා අරඹයි
ගාමිණි Saturday, 30 March 2013 09:28 PM
හොද වැඩක්