සිරියානු රජයට එරෙහිව එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක්ව පිහිටුවා ගත් විපක්ෂ සංධානයේ නායකත්වයෙන් ඉවත් වීමට විපක්ෂ නායක අහ්මඞ් මෝසා අල් කටීබ් පෙරේදා (24) තීරණය කළේය.
කටීබ්ගේ එම ඉවත් වීමෙන් සිරියානු විපක්ෂ කණ්ඩායම් අතරේ අර්බුදයක් හට ගත්තේය. දේශපාලන විචාරකයන් පෙන්වා දුන්නේ කටීබ්ගේ ඉවත් වීමෙන් පෙනී යන්නේ සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් අතරේ බෙදීමක් පෙන්නුම් කරන බවය.
බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනපති බෂීර් අල් අසාද්ට එරෙහිව එම විපක්ෂ සංධානය පිහිටුවනු ලැබුවේ ඉකුත් නොවැම්බරයේ ඩෝහාහිදීය.
ඉල්ලා අස්වන බව නිවේදනය කරමින් කටීබ් කියා සිටියේ තමාට නිදහසේ කටයුතු කිරීමට අවශ්‍ය බවත් කාටවත් යටත් වී කටයුතු කිරීමට නොහැකි බවත්ය.