IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සිරියානු ‘ත‍්‍රස්ත කණ්ඩායම්’ දිනෙන් දින ශක්තිමත් වෙනවා

සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව සටන් වැද සිටින ත‍්‍රස්ත කණ්ඩායම් දිනෙන් දින ශක්තිමත් වෙමින් සිටින බවත් අනාගතයේදී ඔවුන් තම රටට ද තර්ජනයක් විය හැකි බවත් ඊශ‍්‍රායල හමුදා ප‍්‍රධානී බෙනී ගන්ට්ස් ඊයේ(12) පැවැසීය.
ඊශ‍්‍රායල වාර්ෂික ආරක්ෂක සමුළුව අමතමින් ගන්ට්ස් මේ බව පැවැසීය.
සිරියානු හමුදාවට අයත් අතිශය වැදගත් අවි ගබඩාවක් මෙම ත‍්‍රස්ත කණ්ඩායම් අතට පත්වීමේ අවදානමක් පවතින බවත් එවැන්නක් සිදු වුව හොත් අසල් වැසි රටවලට ද ඉන් බලපෑමක් ඇති විය හැකි බවත් ගන්ට්ස් අනතුරු අඟවමින් කියා සිටී.
සිරියානු කැරැලිකරුවන් හා එක්ව සිටින ප‍්‍රබලතම සන්නද්ධ කණ්ඩායමක් ලෙස ‘අල් නූස්රා පෙරමුණ’ සැලකේ. පසුගිය කාලය තුළ සිරියා රජයේ හමුදාවලට එල්ල කළ ප‍්‍රහාර පිටුපස සිටින්නේද අල් නූස්රා සටන්කාමීන්ය.  
සිරියාවේ සටන් ඇවිළීමට පෙර මෙම කණ්ඩායම පිළිබඳ තොරතුරු අප‍්‍රකටව පැවැති අතර 2012 වසරින් පසුව සිරියානු කැරැලිකරුවන්ගේ ප‍්‍රධානම පාර්ශ්වකරුවා වූයේ ද මෙම සටන්කාමීන්ය.



අදහස් (0)

සිරියානු ‘ත‍්‍රස්ත කණ්ඩායම්’ දිනෙන් දින ශක්තිමත් වෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 33 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site