
ජාත්‍යන්තර ප්‍රජාව විසින් තහනම් කරනු ලැබූ රසායනික අවි යොදාගෙන සිරියානු සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කර, මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සිදු කළේ යැයි චෝදනා නගමින්, ප්‍රංශ රජය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්, ඔහුගේ සොහොයුරා සහ සිරියානු රජයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර තිබේ.
අසාද්ට අමතරව වරෙන්තු නිකුත් කර ඇත්තේ, අසාද්ගේ සොහොයුරා මහීර් සහ සිරියානු රජයේ හමුදා ජනරාල්වරුන් වන ඝෂාන් අබ්බාස් සහ බසාම් අප් හසාන් යන දෙදෙනාටය.
සිරියාවේ සිවිල් යුද ගැටුම් ඇවිලෙද්දී, ජනාධිපති අසාද්ගේ උපදෙස් පරිදි, සිරියානු රජයේ හමුදාව, රසායනික අවි භාවිතයට ගනිමින් සිවිල් වැසියන්ට පහර දුන්නේ 2013 යැයි සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දෙයි.
එම රසායනික අවි ප්‍රහාරයෙන් සිරියාවේ ඩොරාම් නැමිති නගරයේ සිවිල් වැසියන් දහසක් ජීවිතක්ෂයට පත්වුණු බව සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පැහැදිලි කර තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd