බලය අත්හැරීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය පෙරළීමට සටන් කරන ආයුධ සන්නද්ධ කැරැලිකරුවන්ට ආහාර සහ ඖෂධ වර්ග ලබා දීමට ඇමෙරිකාව සූදානමින් සිටී.
ඇමෙරිකා රජය සිරියා කැරැලිකරුවන්ට මේ අයුරින් සහනාධාර ලබා දීමට සූදානම් බව පැවැසුවේ ඇමෙරිකානු නව රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඊයේ (28) පැවැසීය.
ඔහු එසේ කියා සිටියේ ඉතාලියේ රෝම නුවරදී සිරියානු කැරැලිකරුවන්ට සහාය පළ කරන ‘සිරියානු මිතුරෝ’ යන නමින් හැඳින්වෙන බටහිර රටවල නියෝජිතයන් හමුවෙමිනි.
සිරියා රජයට එරෙහිව කැරැලිකාර පාර්ශ්වයට සහාය දක්වන අරාබි රටවල නියෝජිතයන් ද එම අවස්ථාවට සහභාගී වූ බව වාර්තා විය.
ඇමෙරිකාව මේ වනවිටත් එම කැරැලිකරුවන්ගේ දේශපාලන හඬ ලෙස සැලකෙන, විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී පිහිටුවූ ‘සිරියානු පාලක මණ්ඩලයට’ මූල්‍ය ආධාර ලබා දෙයි. සිරියා පාලක මණ්ඩලයේ ලියාපදිංචි කැරැලිකරුවන්ට වැටුප් ගෙවීමක් ද එමගින් සිදුවේ.
සිරියානු අර්බුදය විසඳීමට තවමත් හැකියාවක් ලැබී නැත්තේ, ලෝකයේ රටවල් බල කඳවුරු දෙකකට බෙදී සිටීම නිසාය. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් සිරියානු කැරැලිකරුවන්ට සහාය දෙද්දී ඉරානය, චීනය සහ රුසියාව බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය පළ කරයි.
පවතින අර්බුදයට ස්ථිරසාර විසඳුමක් සෙවීමේ අරමුණ ඇතිව ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් සමඟ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීමට සිරියානු රජය සූදානම් බව එරට විදේශ ඇමැති වලීඞ් අල් මුවාලීම් පවසා ඇත.
සාකච්ඡා පැවැත්වීමට සූදානම් නමුත් ත‍්‍රස්තවාදයට සිරියාව තුළ හිස එසවීමට කිසිසේත් ඉඩ නොදෙන බව සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් තරයේ කියා සිටින බව ද විදේශ ඇමැතිවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටී.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සිරියානු කැරැලිකරුවන්ට ඇමෙරිකාවෙන් සහනාධාර
පර්සානා Friday, 01 March 2013 10:24 AM
අපිටම ගසා ගන්නවා වගේ.(නදී)