සිරියාවට එරෙහිව යුරෝපා සංගමය පනවා ඇති ආයුධ තහනම ඉවත් කිරීමත්, සිරියා කැරැලිකරුවන්ට පමණක් ආයුධ දීමට බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය තීරණය කිරීමත් ගැන දෙවරක් සිතා බලන්නැයි එම සංගමයේ විදේශ ප‍්‍රතිපත්ති පිළිබඳ කමිටුවේ ප‍්‍රධානී කැතරීන් ඈෂ්ටන් පවසයි.
ඇය මේ බව කියා සිටියේ පසුගියදා නිමාවට පත් වූ යුරෝපා සංගම් සැසිවාරයේදී කැරැලිකරුවන්ට පමණක් ආයුධ දීමට බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය සූදානමින් සිටින බව පැවැසූ අවස්ථාවේදීය.
බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය වැඩි දුරටත් කියා ඇත්තේ යුරෝපා සංගමයේ සෙසු රටවල් කුමන තීරණයක් ගත්තත් තමන් සිරියා කැරැලිකරුවන්ට ආයුධ දී ඔවුන් ශක්තිමත් කරන බවය.
මේ අතර බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට දිගින් දිගටම අවි ආයුධ දෙන බව ඉරානය නිවේදනය කර ඇත. ඉරානය ඒ බව කියා සිටියේ බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය ඔවුන්ගේ තීරණය දැනුම් දුන් අවස්ථාවේ ඊට ප‍්‍රතිචාර දක්වමිනි.
කැරැලිකාරුවන් සමඟ සටනේ දී සිරියානු රජයට ඉරාන හිස්බුල්ලා සටන්කාමීන්ගේ සහාය ද ලැබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත.
මීට අමතරව පවතින අර්බුදයට ස්ථිරසාර විසඳුමක් සෙවීමේ අරමුණ ඇතිව ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් සමඟ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීමට සිරියානු රජය යළිත් වරක් සූදානම් බව එරට විදේශ ඇමැති වලීඞ් අල් මුවාලීම් නිවේදනය කර තිබේ. ඊට රුසියාවේද සහාය හිමිවෙයි.
2025 අගෝස්තු මස 30
602
0
ශ‍්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
2025 අගෝස්තු මස 22
17514
10
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
2025 අගෝස්තු මස 21
716
0
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සිරියානු කැරැලිකරුවන්ට ආයුධ දීම ගැන දෙවරක් සිතන්න
සකු Monday, 18 March 2013 09:25 PM
ආයුධ පාවිච්චිය ඒ තරම් සුභ නැත, (දී)
සංජය Monday, 18 March 2013 09:27 PM
ආමු අමුවේ මානව හිමිකම් කඩන්න යන්නේ (දී)