IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


සිරියානු කැරැලිකරුවන් විස වායුවලින් පහර දෙනවා

බලය අත්හැරීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය පෙරැළීමට සටන් කරන කැරැලිකරුවන්, සෙරීන් නමැති මාරක විස වායු යොදා ගනිමින් ප‍්‍රහාර එල්ල කරන බවට සාක්ෂි ලැබී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
මේ බව ලොවට හෙළි කළේ සිරියාවේ සංචාරයක යෙදුණු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමකි.
-”අපේ පරීක්ෂකයන් සිරියාවේත් දේශසීමාබද අසල්වැසි රටවලත් සංචාරය කළා. සරණාගතයන් ලෙස සිරියාවෙන් පැමිණි පිරිස් හමුවී සාකච්ඡුා කළා. තුවාලකරුවන් ගැන සොයා බැලූවා. ඔවුන් ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වෙනවා කැරැුලිකරුවන් විස වායු යොදා ගෙන පහර දීම් කරන බව” යැයි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ඩෙල් පොන්ටේ පවසයි.
සෙරීන් විස වායුව අයත් වන්නේ ද රසායනික අවිවලටය. රසායනික අවි යොදා ගනිමින් කැරැුලිකරුවන්ට පහර දෙන බවට චෝදනා එල්ල වී තිබෙන්නේ සිරියානු රජයටය. එය නිමිත්තක් කර ගනිමින්, ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් සිරියාවට පහර දීමට සූදානම් වෙයි.
සමූල ඝාතන රසායනික අවි භාවිතය එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියට පටහැනිය. සෙරීන් නමැති විස වායුව සයනයිඞ්වලට වඩා මාරක යැයි විශේෂඥයෝ පෙන්වා දෙති.



අදහස් (0)

සිරියානු කැරැලිකරුවන් විස වායුවලින් පහර දෙනවා

දිසානායක Tuesday, 07 May 2013 11:23 AM

ඇමරිකාව තිබෙන තුරු හැම රටකටම මේ අපලය තියේවි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 179 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 385 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 163 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site