IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සිරියානු කැරැලිකරුවෝ සිරකඳවුරක් අත්පත් කර ගනිති

සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට එරෙහිව සටන්වැද සිටින කැරැලිකාර පාර්ශවය ඊයේ(3) එරට රකා පළාතේ පිහිටි සිරකඳවුරක් අත්පත් කරගෙන එහි සිටි රැඳවියන් සිය ගණනක් නිදහස් කළේය.
රකා පළාතේ බලය ගිලිහීම නිසා රජයේ හමුදා පසුබසිමින් සිටින මොහොතකදී කැරැලිකරු වෝ මෙම සිරකඳවුර අල්ලා ගත්හ. නිදහස් කළ සිරකරුවන්ගෙන් ඇතැමෙක් යාබදව පිහිටි තාල් අබියඞ් නගරයේ ඇති අධිකරණය වෙත යොමු කළ බව කැරැලිකරුවෝ පවසති.
මෙම ගැටුම්වලදී සෙබළු 14 දෙනෙක් සහ කැරැලිකරුවෝ 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 
සිරියා රජයට එරෙහිව ගැටුම් උත්සන්නවූ පසු රකා පළාතේ සිදුවූ දරුණුතම ගැටුම මෙය ලෙස සැලකේ. මේ වනවිට එම ප‍්‍රදේශයේ බලය තහවුරු කරගෙන සිටින කැරැලිකරුවෝ නිරන්තරයෙන් දේශසීමාබද ප‍්‍රදේශවල සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කරගෙන ප‍්‍රහාර එල්ල කරති.
ජනපති අසාද්ගේ හමුදා හා කැරැලිකරුවන් අතර පෙරේදා හටගත් ගැටුම්වලින් 156 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බව මානව හිමිකම් සංවිධාන පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අලූත්ම වාර්තාවලට අනුව සිරියාවේ ගැටුම් නිසා මියගිය ගණන 70,000 තෙක් ඉහළ ගොස් ඇත. සිරියානු අර්බුදය විසඳීමට තවමත් හැකියාවක් ලැබී නැත්තේ, ලෝකයේ රටවල් බල කඳවුරු දෙකකට බෙදී සිටීමය.
 ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් සිරියානු කැරැලිකරුවන්ට සහාය දෙද්දී ඉරානය, චීනය සහ රුසියාව බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය පළ කරයි.



අදහස් (0)

සිරියානු කැරැලිකරුවෝ සිරකඳවුරක් අත්පත් කර ගනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site