IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


සිරියානු අර්බුදය විසඳන්න ඇමෙරිකා - රුසියා සාකච්ඡා

දිනෙන් දින උග‍්‍රවන සිරියානු අර්බුදය විසඳීමට නම් සාමකාමී දේශපාලන විසඳුමක් කඩිනමින් අවශ්‍ය බව ඇමෙරිකාවත් රුසියාවත් පවසයි.
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, රුසියාවට ගොස් රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් සහ විදේශ ඇමැති සර්ගේ ලැව්රෝ හමුවී සිරියානු අර්බුදය ගැන පෙරේදා (7) දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.

මොස්කව් නුවරට පැමිණි ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා හමුවීමට රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් පැමිණියේ පැය 3 ක් ප‍්‍රමාද වීමෙනි.
රාජකාරි කටයුත්තක් හේතුවෙන් තමා ප‍්‍රමාද වූ බව පවසමින් ඒ ගැන සමාව ඉල්ලීමට ද රුසියානු ජනපති පුටින් අමතක නොකළේය.

සිරියානු අර්බුදයේදී, රුසියාව සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දෙයි. ඇමෙරිකාව සහාය දෙන්නේ විපක්ෂ කණ්ඩායම් සහ කැරැලිකරුවන්ටය. සිරියා අර්බුදයට විසඳුමක් සෙවීමට හැකියාවක් ලැබී නැත්තේ ද ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සිටින නිසාය.
සිරියානු අර්බුදය සම්බන්ධයෙන් රුසියාවත් ඇමෙරිකාවත් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කළේ 2012 වසරේ දී ජිනීවා නුවරදීය. එම සාකච්ඡා අසාර්ථක විය. එම සාකච්ඡුා සඳහා සහභාගී වූයේ එවකට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ධුරය හෙබවූ හිලරි ක්ලින්ටන්ය.

පැය කිහිපයක සාකච්ඡාවකින් පසු, රුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත් වූහ. එහිදී ඔවුන් දෙදෙනාම කියා සිටියේ සිරියානු අර්බුදය විසඳිය හැක්කේ දේශපාලන විසඳුමකින් පමණක් කියාය.

‘‘-සිරියානු ජනතාවගෙන් බහුතරය සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට පක්ෂයි. ඒ, පක්ෂපාතී භාවය ඇති වී තිබෙන්නේ ඔවුන් අසාද්ට හෝ රජයට හෝ කැමැති නිසා නොවේ. ඔවුන් දන්නවා රජය බිඳ වැටුණොත් රට අස්ථාවර වෙන බව. රටේ බෙදුම්වාදී කලබල ඇති බව බව. වාර්ගීක සහ ආගමීක වශයෙන් රට දෙකඩ වෙන බව.” යැයි එම මාධ්‍ය හමුවේදී රුසියානු විදේශ ඇමැතිවරයා අවධාරණය කළේය.

 

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් කෙරී (වමේ) රුසියානු විදේශ ඇමැති හමුවී

 



අදහස් (0)

සිරියානු අර්බුදය විසඳන්න ඇමෙරිකා - රුසියා සාකච්ඡා

සිල්වා පැරිස් Thursday, 09 May 2013 03:46 PM

වාර්ගීක සහ ආගමීක වශයෙන් රටවල් දෙකඩ කිරීමට ඇමරිකාව, බටහිර බලවතුන් සහ ඔවුන්ගේ රූකඩ වලට ඉඩදිය නොහැකියි. රුසියාවටත් චීනයටත් ජයවේවා.(නදී)

:       0       0

සෙනරත් Thursday, 09 May 2013 12:21 PM

හා හා එතකොට අර ඇමෙරිකාව, ඊශ්‍රායලය පන දා ගෙන උදව් කළ සිරියන් කැරලිකාරයෝ මරලා දානවද?කවදාවත් ඒක වෙන්නේ නැහැ.ඇමෙරිකාවේ තවත් ගැටයක් තමා මේ. ඇමෙරිකාව නම් මහා පුදුම වදයක් මුළු ලෝකෙටම. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 24 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 384 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 840 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site