බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට අයත් හමුදා පොලිසියේ ප‍්‍රධානී මේජර් ජනරාල් අබ්දුල් අසීස් ජසෙම් අල් ෂල්ලාල් ඊයේ (27) කැරැලිකාර පාර්ශවයට එක් විය.
	මාස 21 ක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදය හමුවේ කැරැලිකරුවන්ට එක් වූ සිරියානු රජයේ ඉහළ පෙළේ ආරක්ෂක ප‍්‍රධානියා ලෙස ජනරාල් අබ්දුල් සැලකෙයි.
	මේ වනවිට ජනරාල්වරයා සිරියාවෙන් පලා ගොස් අසල්වැසි තුර්කියට පැමිණ එහි සිටින සිරියානු විපක්ෂ කි‍්‍රයාකාරීන් සහ කැරැුලිකරුවන් සමඟ අත්වැල් බැඳගෙන සිටින බව විදෙස් පුවත් සේවා පවසයි.
	ඔහු අරාබි රූපවාහිනී නාළිකාවක පෙනී සිටිමින් විශේෂ ප‍්‍රකාශයක් කළ අතර එහිදී ඔහු කියා සිටියේ සිරියා රජයේ ඝාතන තවත් ඉවසා සිටිය නොහැකි වූ හෙයින් සිරියානු වැසියන් ගැන සිතා තමා කැරැලිකරුවන් සමඟ එක් වීමට තීරණය කළ බවය.
	නිදහස වෙනුවෙන් සටන් කරන සිරියානු වැසියන්ට තමන් සහාය වන බවත් සිරියා රජය ඔවුන්ට එල්ල කරන ප‍්‍රහාර තමා හෙළා දකින බවත් ජනරාල් අබ්දුල් වැඩි දුරටත් කියා සිටියේය.
	ජනරාල්වරයා තමන්ට එක් වීම තමන් ලැබූ ජයග‍්‍රහණයක් බවත් ඔහු තමන්ට එක් වූයේ සිරියා රජයේ බිඳ වැටීම ආසන්න වූ නිසා බවත් කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන දේශපාලන හඬ ලෙස සැලකෙන සිරියානු ජාතික පාලක මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත.
	 
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1743										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1743										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1437										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1437										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 517										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 517										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සිරියා හමුදා පොලිස් ප‍්‍රධානී ජනරාල් අසීස් කැරැලිකාර පිලට
ලාල් Sunday, 30 December 2012 06:39 PM
තම ජාතියම විනාශ කරගන්නවා නේද? විශිෂ්ටයි. (නි)
උපාලි Saturday, 29 December 2012 12:09 AM
ආත්මාර්ථකාමී පිම්මක්. (නි)
මධු Saturday, 29 December 2012 02:50 AM
තව හිටියොත් වෙන දේ එයා දන්නවා ඇති. (නි)
මුතුකුඩ Friday, 28 December 2012 07:57 PM
මේවාට කියන්නේ දේශපාලන ජම්පිං කියලා. (නි)
සිල්වා Sunday, 30 December 2012 05:29 PM
කවුද කැමති අකාලයේ ජීවිතය නැතිකර ගන්න? (නි)