කැරැලිකරුවන් සොයමින් සිරියා රජයේ හමුදා එරට දරායා නුවරට පෙරේදා (24) එල්ල කළ ප‍්‍රහාරයෙන් සිවිල් වැසියන් 200 දෙනකු ජීවිතක්ෂයට පත් පත්ව ඇතැයි මානව හිමිකම් සුරැකීමේ සංවිධාන චෝදනා කරයි.
දරායා නුවර පිහිටා ඇත්තේ ඩමැස්කස් අගනුවරට නිරිත දෙසිනි. පෙරේදා උදෑසන සිට දරායා නුවර කැරැලිකරුවන් සහ රජයේ හමුදා අතර දරුණු ගැටුම් පැවැති බව වාර්තා විය.
සිරියානු හමුදා දරායා නගරයට ප‍්‍රහාර එල්ල කිරීමට ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා සහ යුද ටැංකි යොදා ගත් බව ද පැවැසෙයි.
පෙරේදා දිනයේ ඩමැස්කස් අගනුවර සහ ඇලෙප්පෝ නුවර ද දරුණු ගැටුම් හටගත් අතර කැරැලිකරුවන් පැවැසුවේ 370 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බවය.
මේ අතර සිරියානු රජයට සහාය දක්වමින් සිරියානු කැරැලිකරුවන්ට එරෙහිව සටන් කිරීමට පැමිණ සිටි ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමියකු අල්ලා ගැනීමටද සිරියානු කැරැලිකරුවෝ සමත්ව සිටිති.
සිරියා අර්බුදයේදී සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දෙන බව ලෙබනනයේත් ඉරානයේත් කි‍්‍රයාත්මක හිස්බුල්ලා සංවිධානය මීට පෙර අවස්ථා ගණණාවකදී පවසා තිබුණි.
ලෙබනන් හිස්බුල්ලා සටන්කාමියකු සිරියා කැරැලිකරුවන් අතට පත් වූ පළමු අවස්ථාව මෙයයි. අත්අඩංගුවට පත් වූ එම සටන්කාමියා හසේන් අල් මික්ඩාඞ් නමැත්තකු යැයි කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන නිදහස් සිරියානු හමුදාව පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සිරියා හමුදා ප‍්‍රහාරයෙන් දරායා නුවර 200 ක් මියයති
ලාල් Monday, 27 August 2012 06:39 PM
මෝඩ මිනිස්සු. (නි)
අමිල කටුනායක Monday, 27 August 2012 09:29 PM
ඇහුණද? (නි)
සරත් Monday, 27 August 2012 11:51 PM
කනගාටුයි
ඩියෝ Monday, 27 August 2012 04:51 PM
අපේ රටට කෑ ගහපු අය කෝ? (නි)