සිරියානු හමුදා බුද්ධි අංශයට සම්බන්ධ, හමුදා ජනරාල්වරයකු ඝාතනය කිරීමට තම ස්නයිපර් තුවක්කුකරුවන්ට හැකිවුණු බව එරට කැරැුලිකරුවෝ කියා සිටිති.
|
ජනරාල් ජම්මා |
කැරැලිකරුවන්ගේ ස්නයිපර් තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූයේ, ජනරාල් ජම්මා ජම්මාය. ඔහු ඝාතනය වූයේ දීර් අල් සූර් නගරයේදීය.
ජනරාල් ජම්මා, සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ සමීපතම හමුදා නිලධාරියෙකු ද වන බව, සිරියානු රජය කියා සිටී. කැරැලිකරුවන් පවසා ඇත්තේ ජනරාල් ජම්මා ඝාතනය කිරීමට හැකි වීම, තමන් ලැබූ ජයග‍්‍රහණයක් කියාය.
මේ අතර සිරියානු අර්බුදය විසඳීම සම්බන්ධයෙන් නව සාම යෝජනාවලියක් ද සමඟ ජිනීවාහි පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සාම සමුළුවට සහභාගී වීමට තමන් සූදානමින් සිටින නමුත්, තම රජය පෙරැළීමට උත්සහ කරන ‘ත‍්‍රස්තවාදීන්’ සමඟ සාකච්ඡුා කිරීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නැතැයි සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් යළිත් වරක් අවධාරණය කර ඇත.
සිරියානු ජනපති අසාද් දිගින් දිගටම කියා සිටින්නේ, තම රටේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නේ අල් කයිඩාවට සම්බන්ධ සුන්නි මුස්ලිම් ත‍්‍රස්තවාදීන් කියාය.
වසර දෙකකට වැඩි කාලයක් දිග්ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදය මේ වනවිට සුන්නි සහ ෂියා මුස්ලිම් ගැටුමත් බවට පත් වී ඇත. සිරියාවේ ගැටුම්වලින් 1,30,000 ක් මියගොස් ඇති බවත්, මිලියන 7.8 ක් උන්හිටිතැන් අහිමි වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර ඇත.
ස්විට්සර්ලන්තයේ, ජිනීවා නුවර පැවැත්වීමට නියමිත අන්තර්ජාතික සාම සමුළුව පැවැත්වෙන්නේ අන්තර්ජාතික ප‍්‍රජාවගේ ද එකමුතුවෙනි. සමුළුවේදී සිරියානු අර්බුදය සාකච්ඡා කෙරෙන්නේ නම්, සිරියානු රජය සහ කැරැලිකාර පාර්ශ්වයේ ‘සැබෑ දේශපාලන නියෝජිතයන්’ මෙන්ම සිරියානු රජයට සහාය දක්වන ඉරානය ද ඊට සම්බන්ධ කරගත යුතු යැයි රුසියාව පවසා ඇත. සිරියානු අර්බුදයේදී රුසියාව සහාය දෙන්නේ සිරියානු රජයටය.
සිරියාවේ ‘ත‍්‍රස්තවාදී’ කටයුතු සම්බන්ධයෙන් අසල්වැසි තුර්කිය ද වගකිව යුතු යැයි, සිරියානු ජනපති අසාද් චෝදනා කර ඇත. නේටෝ සාමාජික රටක් ද වන තුර්කියේ සහාය පළ වන්නේ සිරියානු කැරැලිකාර පාර්ශ්වයටය. කෙසේ නමුත් සිරියානු අර්බුදයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන විසඳුමක් සෙවීමට එක් වී කටයුතු කරන බව ඉරානය සහ තුර්කිය අවධාරණය කර ඇත.
මේ වනවිට සිරියානු රජයත් රුසියාවත් එක් වී ඇමෙරිකාව සමඟ සාකච්ඡුා කර, සිරියානු රජයේ රසායනික අවි තොග අන්තර් ජාතික පාලනයකට නතු කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව, එක්සත් ජාතීන්ගේ අවි නිරීක්ෂකයන් සිරියාවට පැමිණ සිරියානු රජයේ රසායනික අවි ඇති ස්ථාන වෙත ගොස් ඒවා පරීක්ෂාවට ලක් කිරීම සහ විනාශ කිරීම ආරම්භ වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උකුස්, ඔයා හරි. පිල්ලේ නෝනාට මේවා පෙනෙන්නෙ නැහැ.එයා ඇස් ඇරගෙන ඉන්නේ අපේ රටේ නැති ප්‍රශ්න හොයන්න විතරයි. (නි)
හොද පුවතක්.(නදී)
සිරියා ජනපතිට ජය වේවා .. (නදී)
කෝ පිල්ලේ ?මේ මැරෙන්නේ මදුරුවොද ?(නදී)
පිල්ලේ පිල්ලියක් උනේ අපිට . (නදී)
මේවා වෙන්නැති එතකොට සාමය.(නදී)
අනේ මන්දා ලෝක අවසානය ලං වෙලා වගේ (නදී)
සහෝදර මුස්ලිම් වරුනි ඔබලාගේ ඉස්ලාම් දර්මය කරුණාවෙන් ,දයාවෙන් පිරි අදහස් වලින් පුරවන්න . එසේ නොවුන හොත් ඔබේම සහෝදර මුස්ලිම් ජනතාවක් තවත් ඔබේම පිරිසක් සමග ගැටීම වැලක් විය නොහැක . එය ලංකා වාසි මුස්ලිම් වරු වන ඔබ අරම්භ කරන්න.(නදී) .
හොද වැඩේ තොට.(අ)