සිරියානු කැරැල්ල ආරම්භ වූ අවස්ථාවේදී රජයේ හමුදා ප‍්‍රහාරවලින් බේරී රටින් පලා ගිය ප‍්‍රධාන පෙළේ විපක්ෂ නායකයකු වන මෝස් අල් කටීබ් පළමු වරට ඊයේ (4) යළි සිරියාවට පැමිණියේය.
සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට එරෙහි කැරැල්ල මෙහෙයවන විපක්ෂ නායකයන්ගෙන් කෙනකු වන්නේ මෝස් අල් කටීබ්ය. ඔහු යළි සිරියාවට පැමිණියේ කැරැලිකරුවන් සිරියාවේ නගර කිහිපයක් අල්ලා ගැනීමට සමත් වී සිටීමත් සමඟය.
සිරියානු විපක්ෂ කණ්ඩායම් සහ කැරැලිකරුවන් එක් වී පිහිටුවූ සිරියානු ජාතික පාලක මණ්ඩලයේ සභාපතිවරයා වන්නේ මෝස් අල් කටීබ්ය.