අත්අඩංගුවේ සිටි ඉරාන ජාතික සිරකරුවන් 48 දෙනකු නිදහස් කිරීමට සිරියානු කැරැුලිකරුවන් පෙරේදා (9) තීරණය කළ අවස්ථාවේදී සිරියානු රජය ඔවුන්ගේ අත්අඩංගුවේ සිටි සිරියානු සිවිල් වැසියන් 2,000 ක් නිදහස් කළේය.
එම ඉරාන ජාතිකයන් 48 දෙනා සිරියානු කැරැලිකරුවන් අතට පත් වූයේ ඉකුත් අගෝස්තු මාසයේදීය.
කැරැලිකරුවන් චෝදනා කරන්නේ එම පිරිස ඉරාන විප්ලවීය හමුදා සාමාජිකයන් බවත් ඔවුන් සිරියාවට පැමිණියේ සිරියා රජය සමඟ එක් වී තමන්ට විරුද්ධව සටන් වැදීමටත් කියාය.
එම පිරිස මරා දමන බවට ද සිරියානු කැරැලිකරුවෝ තර්ජනය කළහ. එම අවස්ථාවේ තම අත්අඩංගුවේ සිටින සිරකරුවන් සහ එම ඉරාන ජාතිකයන් හුවමාරු කර ගැනීමට සිරියානු රජය යෝජනා කළේය.
සිරියානු කැරැලිකරුවන් පවසන්නේ සිරියා රජයේ අත්අඩංගුවේ සිට නිදහස ලැබූවේ දේශපාලන කි‍්‍රයාකාරීන් බවය. කෙසේ නමුත් එම පිරිස ගැන හෝ නිදහස් කිරීමෙන් පසු ඔවුන් ගියේ කොහෙටදැයි හෝ සිරියානු රජය මෙතෙක් අනාවරණය කර නැත.
මාස 21 ක් තිස්සේ දිග් ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදයේදී ඉරානය සිරියාවට සහාය දෙයි. ඉරාන විප්ලවීය හමුදා නිලධාරීන් පමණක් නොව හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් ද සිරියාවට පැමිණ සිටින බව වාර්තා වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd