IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සිරියා රජයේ මිසයිල ප‍්‍රහාරයෙන් සිවිල් වැසියෝ 20 දෙනෙක් මරුට

සිරියා රජයේ හමුදාව එරට ඇලෙප්පෝ දිස්ති‍්‍රක්කයට ඊයේ (21) එල්ල කළ මිසයිල ප‍්‍රහාර මාලාවකින් සිවිල් වැසියන් 20 දෙනකු ජීවිතක්ෂයට පත් වූයේ යැයි එරට කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන විපක්ෂ දේශපාලන කණ්ඩායම් පවසයි.
ඇලෙප්පෝ දිස්ති‍්‍රක්කයට එල්ල වී ඇත්තේ සිරියා හමුදාව සතු රුසියාවේ නිෂ්පාදිත ‘ස්කුඞ්’ මිසයිලය. එම මිසයිල ප‍්‍රහාරයෙන් දීර් අ සෝර් නමැති ප‍්‍රදේශයේ මහල් ගොඩනැගිලි දෙකක් මුළුමනින්ම බිමට සමතලා විය. 
විපක්ෂ කි‍්‍රයාකාරීන් පවසන්නේ තවත් පුද්ගලයන් 25 දෙනකු පමණ සුන්බුන් අතර සිරවී සිටින බවය.
‘ස්කුඞ්’ යනු දිගු දුර මියසිල වර්ගයකි. සිරියා රජය එම දිගු දුර මියසිල යොදා ගනිමින් කැරැලිකරුවන්ට පහර දීම ආරම්භ කළේ ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ සිටය.
මාස 21 කට වැඩි කාලයක් තිස්සේ සිරියාවේ පවතින ගැටුම්වලට පැහැදිලි විසඳුමක් ලබා දීමට සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය අපොහොසත් නම්, ඔවුන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පවසා තිබේ.
සිරියා ජනපතිගේ රජය මිනිස් ඝාතන සිදු කරමින්, මානව වර්ගයාට එරෙහිව අපරාධ සිදු කරන බවටත්, බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන එරට ජනාධිපති අසාද් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය සහ ආරක්ෂක නිලධාරීන් ඊට වගකිව යුතු යැයි මානව හිමිකම් සංවිධාන චෝදනා කරයි.
එම නිසා සිරියා ජනපති ඇතුළු පිරිස හේග් නුවර කේන්ද්‍රකොට පිහිටුවා ඇති ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කළ යෝජනාවට එහි සාමාජික රටවල් 50 ක් කැමැත්ත පළ කළ ඇතැයි ද වාර්තා වේ.
සිරියානු රජය එරට සිවිල් වැසියන්ට එරෙහිව කුරිරු ලෙස අපරාධ සිදු කරන බවටත්, ඔවුන් ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර එල්ල කරන බවටත් කාන්තාවන් වධ බන්ධනයන්ට ලක් කරන බවටත් චෝදනා එල්ල වෙමින් පවතී.
අරාබි වසන්තය හරහා සිරියානු අර්බුදය ආරම්භ වූයේ 2011 වසරේ මාර්තු මාසයේදීය. සිරියානු විපක්ෂ කණ්ඩායම්, මානව කි‍්‍රයාකාරීන් ආයුධ අතට ගෙන සිරියා රජයට එරෙහිව සටන් ආරම්භ කිරීමත් සමඟ සිරියා රජය එම කැරැලිකරුවන්ට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරන්න විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මේ වනවිට 70,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.



අදහස් (0)

සිරියා රජයේ මිසයිල ප‍්‍රහාරයෙන් සිවිල් වැසියෝ 20 දෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site