IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිරියා-තුර්කි මතභේද සාමකාමීව විසඳාගන්න : ඉරානයෙන් ඉල්ලීමක්

සිරියා හමුදා ඉකුත් සිකුරාදා (22) තුර්කියට අයත් ප‍්‍රහාරක ජෙට් යානයක් වෙඩි තබා බිම හෙළීමත් සමඟ සිරියාවත් තුර්කියත් අතර හටගෙන ඇති අර්බුදය සාමකාමීව විසඳා ගන්නැයි ඉරානය දෙරටේම රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලීමක් කරයි. සිරියා රජය පවසන්නේ තුර්කි යානය සිරියා මුහුදු දේශසීමාවට අනවසරයෙන් ඇතුළු වී ඉතා පහළින් පියාසර කිරීම නිසා ඊට වෙඩි තැබූ බවය. එහෙත් තුර්කිය පවසන්නේ තම ගුවන් යානය සිරියා ගුවන් සීමාවට ඇතුළු නොවුණු බවය. යානය බිම හෙළීම සම්බන්ධයෙන් සිරියා රජයට දොස් පවරන තුර්කිය පවසා ඇත්තේ සිරියා රජයේ එම කි‍්‍රයා කලාපය කිසිසේත් අනුමත කළ හැකි දෙයක් නොවන බවය. තුර්කි අගමැති රිසෙප් එර්ඩගෝන් ඊයේ (24) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ තම ජෙට් යානය සිරියා ගුවන් කලාපයට ඇතුළු නොවූ බවත් එය පියාසර කරමින් තිබුණේ ජාත්‍යන්තර ගුවන් කලාපයට අයත් ගුවන් සිමාවේ බවත්ය. වෙඩි තැබීමට විරෝධය පළ කරමින් සිරියා රජයට එරෙහිව දැඩි කි‍්‍රයා මාර්ග අනුගමනය කරන බව තුර්කිය පවසයි. එම ‘දැඩි කි‍්‍රයා මාර්ග’ මොනවාදැයි තුර්කි අගමැතිවරයා හෙළි කර නැත. කෙසේ නමුත් මධ්‍යධරණී මුහුදට කඩා වැටුණු ප‍්‍රහාරක ජෙට් යානයේ සිටි නියමුවන් දෙදෙනා සෙවීමට තුර්කි නාවික හමුදාවත් සිරියා හමුදාවත් එක් වී කටයුතු කරන බව ද වාර්තා වේ.



අදහස් (0)

සිරියා-තුර්කි මතභේද සාමකාමීව විසඳාගන්න : ඉරානයෙන් ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site