IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සිරියා ජනපති අසාද්ට රැකවරණ දෙන්න එක්වදෝරය කැමැතිවෙයි

බලයෙන් ඉවත් වුවහොත් හෝ බලය අහිමි වුවහොත් හෝ සිරියා ජනපති බෂීර් අල් අසාද්ට සහ ඔහුගේ පවුලේ අයට දේශපාලන රැකවල් ලබා දී, ඔවුන් ආරක්ෂා කිරීමට තමන් කැමැති යැයි ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන එක්වදෝරය පවසයි. එක්වදෝර ජනපති රෆායෙල් කොරයා මේ බව කියා සිටියේ ඊයේ (11) එරට ජාතික පුවත්පතක් වන ‘ෆෝලා දේ සා ඕ පාවුලෝ’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිණි. සිරියානු නියෝජ්‍ය විදේශ ඇමැති ෆයිසාල් මෙක්ඩාඞ් මීට සති දෙකකට පෙර එක්වදෝරයේ ක්වෙටා නුවර සංචාරය කළේය. ජනපති අසාද්ට රැකවරණ ලබා දෙන මෙන් එක්වදෝර රජයෙන් ඉල්ලීමක් කළේ ඔහුය. ඇමෙරිකාවේ හමුදා සහ රාජ්‍ය රහස් ලොවට හෙළි කිරීමේ වරදට ඇමෙරිකාවේ උදහසට ලක් වී ස්වීඩනයට පිටුවහල් කිරීමෙන් වැළැකී බි‍්‍රතාන්‍යයේ සිටින විකිලීක්ස් වෙබ් අඩවි නිර්මාතෘ ජුලියන් ඇසෙන්ජ්ට ද රැකවරණ දීමට එක්වදෝරය කැමැත්ත පළ කර ඇත. මේ වනවිටත් බි‍්‍රතාන්‍ය පොලිසියෙන් බේරී ඇසෙන්ජ් සැඟවී සිටින්නේ ලන්ඩන් නුවර එක්වදෝර තානාපති කාර්යාලයේය. ඔහුට එක්වදෝරයට පැමිණීමට එන්වදෝර රජය අවසර දී ඇති නමුත් ලන්ඩන් නුවර එක්වදෝර තානාපති කාර්යාලයෙන් පිටතට යෑමට හැකියාවක් ලැබී නැත. ඊට හේතු වී ඇත්තේ ඔහු පිටතට පැමිණියහොත් අත්අඩංගුවට ගෙන ස්වීඩනයට උදර්පණය කිරීමට බි‍්‍රතාන්‍ය බලධාරීන් සීරුවෙන් සිටීමය.



අදහස් (0)

සිරියා ජනපති අසාද්ට රැකවරණ දෙන්න එක්වදෝරය කැමැතිවෙයි

මධු Wednesday, 12 December 2012 02:15 PM

සල්ලි දෙන්නම් කියන්න ඇති (දී)

:       0       0

හසිත Wednesday, 12 December 2012 11:32 AM

මේ රට අපේ අයටත් ප්‍රයෝජනවත්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site