IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිරියා ජනපති අසාද් මිනීමරනවා: කැරැලි පිලට එක් වූ අගමැති කියයි

සිරියා ජනපති බෂීර් අල් අසාද් මිනීමරනවා යැයි රජයෙන් වෙන්වී එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ කැරැලිකරුවන් සමඟ එක්වූ අගමැති රියාඞ් හිජාබ් පවසයි. හිජාබ්, සිරියා රජයෙන් ඉවත් වී කැරැුලිකරුවන් සමඟ එක්වූ බව ප‍්‍රකාශ කළේ පෙරේදා (06) හොර රහසේම පවුලේ අයත් සමඟ අසල්වැසි ජෝර්දානයට පළා යෑමෙන් පසුවය. සිරියා ජනපතිගේ රජය සමූල ඝාතන සිදු කරද්දී ඒවා දැක දැක තවත් බලා සිටීමට නොහැකි නිසා තමා සිරියාවෙන් පළා ආ බවත් විපක්ෂ දේශපාලන කණ්ඩායම් සමඟ එක් වූ බවත් රජය පෙරළන්න හදන කැරැුලිකරුවන්ට තමන් සහාය දක්වන බවත් හිජාබ් කියා සිටී. රජයෙන් වෙන් වූ හිජාබ් කැරැලිකාර පාර්ශ්වය සමඟ එක් වීමෙන් පෙනී යන්නේ අසාද්ගේ රජයේ ඇද වැටීම යැයි ඇමෙරිකාව පවසයි. ජනතා හඬට කන් දී බලය අතහැර රටින් පිටවීමට තවමත් ප‍්‍රමාද නැතැයි ද ඇමෙරිකාව සිරියා ජනපති අසාද්ට පවසා ඇත.



අදහස් (0)

සිරියා ජනපති අසාද් මිනීමරනවා: කැරැලි පිලට එක් වූ අගමැති කියයි

නලින් Wednesday, 08 August 2012 11:06 AM

ටික දවසකින් මතක නැහැ කියයිද දන්නේ නැහැ (දී)

:       0       0

අමරා Wednesday, 08 August 2012 09:24 PM

ඒත් එයා කිවුවොත්, "අනේ මට මතක නැහැ" කියලා? (නි)

:       0       0

තිලක් Wednesday, 08 August 2012 11:44 AM

දෙපැත්ත කන නයි (දී)

:       0       0

ගාමිණී -කුවේට් Thursday, 09 August 2012 02:46 AM

වැඩේ වැරදීගෙන එනකොට හෙමින් මාරු වෙනවා නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site