IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සිරියා ගුවන් හමුදා ප‍්‍රහාරයෙන් එකම පවුලේ දරුවෝ තිදෙනෙක් මරුට

සිරියා හමුදා එරට ඇලෙප්පෝ නුවර කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් ඊයේ (24) එල්ල කළ ගුවන් ප‍්‍රහාරවලින් එකම පවුලේ දරුවන් තිදෙනකු ඇතුළු සිවිල් වැසියෝ පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම දරුවන් තිදෙනා ඔවුන්ගේ මව සමඟ සැඟවී සිටි ගොඩනැගිල්ල ගුවන් ප‍්‍රහාරවලින් මුළුමනින්ම බිමට සමතලා වූ බවත් ගොඩනැගිල්ලේ සුන්බුන්වලට දරුවන් තිදෙනාත් මවත් යට වූ බවත් සිරියානු මානව හිමිකම් සුරැකීමේ සංවිධාන පවසයි. ඇලෙප්පෝ නගරයට එල්ල කළ එම ගුවන් ප‍්‍රහාරවලින් 15 දෙනකු තුවාල ලැබූ බව ද වාර්තා වේ. මියගිය සහ තුවාල ලැබූවන් ආයුධවලින් සන්නද්ධ කැරැලිකරුවන් නොවන බවත් ඔවුන් සිවිල් වැසියන් බවත් මානව හිමිකම් සුරැකීමේ සංවිධානය වැඩි දුරටත් කියා සිටී. මේ අතර තුර්කි දේශසීමාවට යාබදව, නිදහස් සිරියානු හමුදාව යනුවෙන් හැඳින්වෙන කැරැලිකාර පාර්ශ්වයේ ග‍්‍රහණයේ පවතින නගර කිහිපයක් ඉලක්ක කර ගනිමින් ද සිරියානු රජයේ හමුදා පෙරේදා (23) එල්ල කළ එම ගුවන් ප‍්‍රහාරවලින් කැරැලිකරුවෝ 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. කැරැලිකරුවන් මේ වනවිට ඔවුන් අත්පත් කරගෙන සිටින නගරවල කඳවුරු පිහිටුවා ඇති අතර ඔවුන් පවසන්නේ ඩමැස්කස් අගනුවර අත්පත් කර ගැනීම ඔවුන්ගේ මීළඟ ඉලක්කය බවය. මේ වනවිට කැරැලිකරුවෝ හොම්ස් ප‍්‍රාන්තය, දීර් එසෝර් සහ ඩමැස්කස් අගනුවර ප‍්‍රදේශ කිහිපයක් අත්පත් කර ගෙන සිටිති. දේශසීමා නගරවලට පහරදීම සඳහා සිරියානු හමුදාව ප‍්‍රහාරක ජෙට් යානාවලට අමතරව ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා ද යොදා ගත් බව වාර්තා වේ. සිරියාව පුරා මේ අයුරින් දරුණු ගැටුම් ඇතිවෙද්දී, සිරියාවේ අර්බුදය විසඳීමට පත් කරනු ලැබූ එක්සත් ජාතීන්ගේ සාම නියෝජිත ලක්දාර් බ‍්‍රහීමී ඊයේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැුස්කර සිරියා අර්බුදය ගැන යළිත් වරක් සාකච්ඡා පැවැත්වීය. මාස 18 කට වැඩි කාලයක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින සිරියා අර්බුදය හේතුවෙන් මේ වනවිට 27,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත. ලක්දාර් බ‍්‍රහීමී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවලින් ඉල්ලා සිටියේ සිරියානු කැරැලිකරුවන්ට හෝ සිරියානු රජයට හෝ සහාය දීමෙන් වැළැකී සිටින ලෙසටය. සිරියා අර්බුදය හේතුවෙන් ලෝකය මේ වනවිට බල කඳවුරු දෙකකට බෙදී ඇත. ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ බටහිර සහාය හිමිවන්නේ කැරැලිකාර පාර්ශ්වයටය. ඉරානය, චීනය සහ රුසියාවේ සහාය හිමිවන්නේ සිරියා ජනපති අසාද්ගේ රජයටය. සිරියාවට එරෙහි ප‍්‍රහාරයක් එල්ල කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය උත්සාහ කළ සෑම අවස්ථාවකදීම ඊට විරෝධය දැක් වූයේ චීනය සහ රුසියාවයි. කැරැලිකරුවන් සමඟ සටන් කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දීමට තම විප්ලවීය හමුදාවේ හමුදා ප‍්‍රධානීන් පිරිසක් සිරියාවට යැවූ බව ඉරානය ද පවසා ඇත. ඩමැස්කස් සහ ඇලෙප්පෝ නගර අල්ලා ගැනීමට වෙර දරන කැරැලිකරුවන්ට එරෙහි සටන් කිරීමට සිරියා හමුදාවට තම හමුදා ප‍්‍රධානීන්ගේ සහාය නොඅඩුව ලබා දෙන බව ද ඉරාන රජය පසුගියදා පැවැසීය.ගුවන් ප‍්‍රහාරවලින් තුවාල ලැබූ දරුවකුට ප‍්‍රතිකාර කරමින්



අදහස් (0)

සිරියා ගුවන් හමුදා ප‍්‍රහාරයෙන් එකම පවුලේ දරුවෝ තිදෙනෙක් මරුට

හිරන්ත Tuesday, 25 September 2012 02:19 PM

මධුගේ ප්‍රතිචාරය අපි දන්නවා..!(නු)

:       0       0

ෂලිනි Thursday, 27 September 2012 09:56 AM

අපොයි,එහෙම හිතන්න එපා...චීනයයි,රුසියාවයි,ඉරානයයිනේ (ලංකාවට උදව් කරන රටවල්නේ ).මරලා තියෙන්නෙ පොඩි උන් නෙවේ ත්‍රස්තවාදීන්.හැබැයි තලේබාන්ලට පහර දෙන කොට නම් මැරෙන්නෙම අහිංසක අසරණ මිනිස්සු නේද?? (ස)

:       0       0

දුමින්ද Wednesday, 26 September 2012 09:00 AM

සාමය උදාවේවා! (නි)

:       0       0

මධු Wednesday, 26 September 2012 10:14 PM

මේ අයට තෙල් තිබුණට මොළය නැහැ. (නි)

:       0       0

මධු Wednesday, 26 September 2012 05:03 PM

දැන් දෙවියන් මෙයාලව අත්හැරලා වගෙයි. (නි)

:       0       0

අමරා Wednesday, 26 September 2012 11:49 PM

කුරිරු යුද්ධය නිමාවේවා! (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 25 September 2012 09:46 PM

පවු අසරණ දරුවො. සිරියාවට සාමය උදාවේවා! (නි)

:       0       0

සුමිත් Wednesday, 26 September 2012 11:31 AM

දුප්පත් දරුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 136 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site