IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සිරියා කැරැලිකරුවන්ට ආයුධ දෙන්න බි‍්‍රතාන්‍යයත් ප‍්‍රංශයත් සූදානම්

සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ පාලනය අවසන් කිරීමේ අරමුණින් සටන් කරන සිරියානු කැරැලිකරුවන්ට ආයුධ දීමට තමන් සූදානම් යැයි ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යය ඊයේ (14) නිවේදනය කළේය.
මීළඟ යුරෝපා සංගම් මැතිවරණයේදී සිරියානු කැරැලිකරුවන්ට ආයුධ ලබා දීමට පනවා ඇති තහනම, තම නිෂේධ බලය භාවිත කොට ඉවත් කරන බව බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් මීට පෙර පවසා තිබුණි.
කෙසේ නමුත් බි‍්‍රතාන්‍ය රජය සහ ප‍්‍රංශ රජය ඊයේ කියා සිටියේ යුරෝපා සංගම් මැතිවරණයේදී කුමන තීරණයක් ගත්තත්, තමන් සිරියානු කැරැලිකරුවන්ට අවි ලබා දීමට කටයුතු කරන බවය.
සිරියානු අර්බුදයට දේශපාලනික පිළියමක් සෙවීමේ අරමුණින් සිරියා රජයේ මිතුරකු වන රුසියාවේ විදේශ ඇමැති සර්ගේ ලෙව්රෝව් බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවරට පැමිණ සිටින අතර බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය ගත් එම තීරණයට ඔහුගෙන් දැඩි විරෝධය එල්ල විය.
යුරෝපා සංගමයට තුළ සිරියාවට එරෙහිව අවි තහනමක් කි‍්‍රයාත්මක වන්නේ ඉකුත් මාර්තු පළමු වැනිදා සිටය. 
එම තහනම යටතේ යුරෝපා සංගමයට අයත් රටවලට සිරියානු රජයට හෝ කැරැලිකරුවන්ට හෝ අවි ආයුධ දීම කළ නොහැක.
බි‍්‍රතාන්‍ය අගමැතිවරයා පවසා තිබුණේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමට උත්සහ ගන්නා සිරියානු කැරැුලිකාර පාර්ශ්වයට පමණක් ආයුධ ලබා දීමට තමන් පියවර ගන්නා බවය. 
රුසියාව පමණක් නොව සිරියා රජය පවා චෝදනා කරන්නේ දැනටමත් අනවසර ලෙස ඇමෙරිකාවත්, බි‍්‍රතාන්‍යයත් සිරියානු කැරැලිකරුයවන්ට අවි ආයුධ දෙන බවටය.
අරාබි වසන්තය හරහා සිරියානු අර්බුදය ආරම්භ වූයේ 2011 වසරේ මාර්තු මාසයේදීය. සිරියානු විපක්ෂ කණ්ඩායම්, මානව කි‍්‍රයාකාරීන් ආයුධ අතට ගෙන සිරියා රජයට එරෙහිව සටන් ආරම්භ කිරීමත් සමඟ සිරියා රජය එම කැරැලිකරුවන්ට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරන්න විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මේ වනවිට 76,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය එසේ පවසා ඇත්තේ සිරියානු මානව හිමිකම් සංවිධාන සහ එරට කැරැලිකරුවන් විසින් පිහිටුවනු ලැබූ ‘සිරියානු ජාතික පාලක මණ්ඩලය’ ලබා දුන් තොරතුරු පාදක කර ගනිමිනි. සිරියානු රජය පවසන්නේ ගැටුම්වලින් එතරම් පිරිසක් මියගොස් නැති බවය.
මාස 21 කට වැඩි කාලයක් තිස්සේ සිරියාවේ පවතින ගැටුම්වලට පැහැදිලි විසඳුමක් ලබා දීමට සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය අපොහොසත් නම්, ඔවුන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පවසයි.
සිරියා ජනපතිගේ රජය මිනිස් ඝාතන සිදු කරමින්, මානව වර්ගයාට එරෙහිව අපරාධ සිදු කරන බවටත්, බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන එරට ජනාධිපති අසාද් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය සහ ආරක්ෂක නිලධාරීන් ඊට වගකිව යුතු යැයි මානව හිමිකම් සංවිධාන චෝදනා කරයි.

රුසියානු විදේශ ඇමැති සර්ගේ ලෙව්රෝව් (දකුණේ) සහ  බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ...

 



අදහස් (0)

සිරියා කැරැලිකරුවන්ට ආයුධ දෙන්න බි‍්‍රතාන්‍යයත් ප‍්‍රංශයත් සූදානම්

සම්පත් Friday, 15 March 2013 11:19 AM

පවතින කුමන හෝ රජයකට විරුද්ධව කැරලිකරුවන්ට ආයුධ දීම යනු මානව නීති උල්ලංඝනය කිරීමක් නොවන්නේද? (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Friday, 15 March 2013 01:28 PM

සම්පත් කොලුවෝ, ඔහොම වෙච්ච දේවල් වලට අපි ඔහොම කියනවට වඩා කට ගලේ උලාගත්තා නම් ගලත් නැහැ, කටත් නැහැ. වෙන්නෙ ඒ තරම් අකටයුතුකම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site