සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට එරෙහිව සටන් වැද සිටින කැරැලිකරුවන් රසායනික අවි භාවිත කළ බවට සාක්ෂි නැතැයි ඇමෙරිකාව කියා සිටී.
සිරියා රජය යම් අවස්ථාවක රසායනික අවි භාවිත කළ හොත් ‘එය අනුමත කළ නොහැකි කි‍්‍රයාවකැයි ද ධවල මන්දිර ප‍්‍රකාශක ජේ කාර්නි සඳහන් කරයි.
කැරැලිකරුවන් රසායනික අවි භාවිත කරන බවට රුසියාව හා සිරියානු රජය කළ චෝදනාවලට පිළිතුරු දෙමින් ජේ කාර්නි මේ බව පැවැසීය. කැරැලිකාර පාර්ශවය විසින් සිරියාවේ ඇලෙප්පෝ නගරයට පෙරේදා(19) එල්ල කරන ලද රසායනික අවි ප‍්‍රහාරයකින් පුද්ගලයන් 25 දෙනෙකු මිය ගිය බවට සිරියා රජය චෝදනා කරයි.
යම් හෙයකින් සිරියා රජය රසායනික අවි භාවිත කළ හොත් එහි ප‍්‍රතිවිපාක විඳින්නට සූදානමින් සිටින්නැයි ජනපති ඔබාමා මීට ඉහතදී කළ අනතුරු ඇඟවීම පිළිබඳව ජේ. කාර්නි මෙහිදී සිහිපත් කළේය.
අරාබි වසන්තය හරහා සිරියානු අර්බුදය ආරම්භ වූයේ 2011 වසරේ මාර්තු මාසයේදීය. සිරියානු විපක්ෂ කණ්ඩායම්, මානව කි‍්‍රයාකාරීන් ආයුධ අතට ගෙන සිරියා රජයට එරෙහිව සටන් ආරම්භ කිරීමත් සමඟ සිරියා රජය එම කැරැලිකරුවන්ට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරන්න විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මේ වන විට 75,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මිනිස්සු සාක්කි ඉතුරු වෙන්න වැඩ කරයිද (දී)