දකුණු සිරියාවේ ඊශ‍්‍රායලයට මායිම් වූ ගෝලාන් කඳුකරය අසල පිහිටි සිරියානු හමුදා බුද්ධි අංශ මූලස්ථානයක් අත්පත් කර ගැනීමට කැරැලිකරුවෝ ඊයේ (18) සමත් වූහ.
සිරියානු රජය එම බුද්ධි අංශ මූලස්ථානය පිහිටුවා ඇත්තේ 1974 වසරේ දී ඇමෙරිකාව මැදිහත් වී ඊශ‍්‍රායලයත් සිරියාවත් සටන් විරාමයක් ආරම්භ කළ අවස්ථාවේදීය.
හමුදා බුද්ධි අංශ මූලස්ථානය අත්පත් කර ගැනීමට කැරැුලිකරුවන් සියයකට වැඩි පිරිසක් පැමිණි බවත් ඔවුන් සහ හමුදා නිලධාරීන් අතර පැය පහකට ආසන්න කාලයක් ගැටුම් පැවැති බව ද වාර්තා විය.
මේ අතර යුරෝපා සංගමයේ සෙසු සාමාජික රටවල් විරුද්ධ වුණත්, සිරියාවට එරෙහිව පනවා තිබූ ආයුධ තහනම සැළකිල්ලට නොගෙන තමන් සිරියානු කැරැලිකරුවන්ට ආයුධ දීමට සූදානම් බව බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් සහ ප‍්‍රංශ ජනපති ෆ‍්‍රන්සුවා ඕලන්ද් පවසා ඇත.
සිරියාවට එරෙහිව පනවා තිබූ ආයුධ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ සෙසු සාමාජික රටවල් සමඟ බි‍්‍රතාන්‍ය සහ ප‍්‍රංශය සාකච්ඡුා කළ නමුත් සෙසු රටවල් කියා සිටියේ එම තහනම දිගටම පැවැතිය යුතු බවය.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
458
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිරියා කැරැලිකරුවෝ හමුදා බුද්ධි අංශ මූලස්ථානයක් අල්ලා ගනිති