IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සිරියා කැරලිකරුවෝ සාම හමුදාව හිර කරති

සිරියාවත් ඊශ්‍රායලයත් අතර පිහිටි ගෝලාන් කඳුබිමේ සේවය කරමින් සිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා භටයන් විසි දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ප්‍රාණ ඇපකරුවන ලෙසට අත්අඩංගුවට ගත් බව සිරියා  කැරලිකරුවෝ පිරිසක් පවසති. සිරියාවත් ඉස්රායලයත් අතර නිර්දේශකර ඇති සටන් විරාමය නිරීක්ෂණය කිරීම එම සාම සාධක හමුදා ඛණ්ඩයේ රාජකාරිය විය.

අත් අඩංගුවට පත්ව ඇත්තේ පිලිපීන ජාතික භට පිරිසක් බවද වාර්තාවී ඇත.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ " යමූක් විරුවෝ" නම්වූ අලුත් කැරලිකාර  කණ්ඩායමක් විසිනි.

එම ප්‍රාණ අප කරුවන්  නිදහස් කිරීම සඳහා කොන්දේසි ඉදිරිපත්කර ඇති සටන්කාමීන් කියන්නේ සිරියා  රජයේ හමුදා ගෝලාන් උස්බිම ආසන්නයේ පිහිටි ජමියා නගරයෙන් ඉවත්කර ගත යුතු බවයි. 

මෙම ආරංචිය සැලවූ විගසින්ම වෙනත්  සාම සාධක හමුදා කණ්ඩායමක් එම ප්‍රදේශයට යවා ඇති බවද වාර්තාවිය.

කෙසේවුවද මෙම සිද්ධියට සම්බන්ධ කැරලිකාර කණ්ඩායම සිරියා  රජයට එරෙහිව සටන්කරන ප්‍රධාන කණ්ඩායම වන නිදහස් සිරියන් හමුදාවට කිසිම සම්බන්ධකමක් නැති බවටද වාර්තා වී ඇත. 

නිදහස් සිරියන් හමුදාව මෙම පැහැර ගැනීම තරයේ හෙළා දකින බවද කියා ඇත.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂ මණ්ඩලය මෙම පැහැරගැනීම පිළිබඳව ඔවුන්ගේ දැඩි විරෝධතාවය ප්‍රකාශ කර ඇති අතර එම හමුදා සෙබළුන් කොන්දේසි විරහිතව වහාම නිදහස් කරන ලෙසටද ඉල්ලීමක් කර ඇත.

 



අදහස් (0)

සිරියා කැරලිකරුවෝ සාම හමුදාව හිර කරති

පාලිත Thursday, 07 March 2013 12:44 PM

යුද්දය මොකටද සහෝදරා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site