සිරියා රජයට එරෙහිව අවි ගෙන සටන් කරන්නේ ‘ත‍්‍රස්තවාදීන්’ පිරිසක් බවත්, ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කරනවා යැයි පවසන ඇමෙරිකාව, ඔවුන්ට සහාය දෙමින් ත‍්‍රස්තවාදයට උඩගෙඩි දෙන බවත් රුසියානු විදේශ ඇමැති සර්ගේ ලෙව්රෝව් පවසයි. රුසියානු විදේශ ඇමැතිවරයා මේ බව කියා සිටියේ ඉකුත් 18 වැනිදා සිරියාවේ ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුවට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයට ඇමෙරිකාවේ ප‍්‍රසංශාව හිමි වීමත් සමඟය. එම බෝම්බ ප‍්‍රහාරයෙන් සිරියානු ආරක්ෂක ඇමැති ඩවුඞ් රාජා, ජනපති බෂීර් අල් අසාද්ගේ මස්සිනා මෙන්ම නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා ද වන අසෙෆ් ෂව්කාත්, රජයේ උපදේශකවරයකු වන ජනරාල් හසන් ටර්ක්මේනී, අභ්‍යන්තර කටයුතු ඇමැති මොහොමඞ් අල් ෂාර් සහ ජාතික ආරක්ෂක ප‍්‍රධානී ජනරාල් හිෂාම් ඉක්තියාර් මිය ගියහ. ප‍්‍රහාරයේ වගකීම කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන නිදහස් සිරියානු හමුදාව සහ ජිහාඞ් සටන්කාමී සංවිධානයක් බාර ගෙන ඇත. ජිහාඞ් සටන්කාමීන් යනු සිරියා කැරැලිකරුවන්ට සහාය දෙන අල් කයිඩා සටන්කාමීන්ය. ඇමෙරිකාවේ පරම හතුරා ලෙස සැළකෙන අල් කයිඩාව ඉරාකයේ පමණක් නොව, මේ වනවිට සිරියාවේ ද දරුණු ලෙස ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන බව ඉරාක බුද්ධි අංශ පවා පවසා ඇත. ඉකුත් 18 වැනිදා එල්ල වූ එම බෝම්බ ප‍්‍රහාරයෙන් ආරක්ෂක අංශ ජ්‍යේෂ්ඨයන් මියයෑම සිරියා කැරැලිකාර පාර්ශවය ලැබූ ජයග‍්‍රහණයක් බවත් බලයෙන් ඉවත්වීම ප‍්‍රතික්ෂේප කරන ජනපති බෂීර් අල් අසාද් ලැබූ විශාල පසුබෑමක් බවත් ඇමෙරිකාව පවසයි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිරියා අර්බුදයට මැදිවී ඇමෙරිකාව ත‍්‍රස්තවාදයට උඩගෙඩි දෙනවා