සිරියා අර්බුදය විසදිය හැක්කේ රජයේත් විපක්ෂයෙත් නියෝජිතයන් සහභාගී කරගෙන සංක‍්‍රාන්තික රජයක් පිහිටුවීමෙන් පමණක් යැයි සිරියාව වෙනුවෙන් පත් කර සිටින එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත කොෆී අනන් පවසයි. එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම්වරයකු ද වන කොෆී අනන් සිරියාවට සංක‍්‍රාන්ති රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් යෝජනාවලියක් සකස් කර ඇති අතර එය සිරියා ජනපති බෂීර් අල් අසාද්ට සහ කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන සිරියා ජාතික පාලක මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය උත්සාහ ගන්නේ සිරියා අර්බුදයට හැකි ඉක්මනින් විසඳුමක් ලබා දීමටය. ඔවුන්ගේ වාර්තාවල දැක්වෙන්නේ සිරියාවේ ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 15,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් ව සිටින බවය.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිරියා අර්බුදය විසඳන්න අන්තර්වාර රජයක් ඕනෑ