IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිරියා අර්බුදය දිග්ගැස්සුණේ බටහිර වරදින් යැයි චීනය කියයි

මාස 18 ක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින සිරියා අර්බුදය උග‍්‍ර වී එරට සිවිල් යුද්ධයක් හටගත්තේත් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්වූයේත් ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල වරදින් යැයි චීනය පවසයි. බටහිර රටවලට අවශ්‍ය සිරියා ජනපති බෂීර් අල් අසාද් බලයෙන් නෙරපා දැමීමට කැරැුලිකාර කණ්ඩායම්වලට සහාය දීමට බවත් බටහිර රටවලට පක්ෂපාතී පාලනයක් සිරියාවේ ඇති කිරීමට බවත් චීනය පවසයි. සිරියා අර්බුදයට සාමකාමී විසඳුමක් සෙවීමට බටහිර රටවලට අවශ්‍යතාවක් නැති බව ද චීන රජය වැඩි දුරටත් කියා සිටී. චීනය මෙසේ කියා සිටියේ සිරියානු ජනාධිපති අසාද්ගේ රජයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී පසුගියදා යෝජනාවක් සම්මත කර ගැනීමත් සමඟය. එම යෝජනාවට සාමාජික රටවල් 133 ක් සහාය දුන් අතර විරෝධය දැක්වූයේ සාමාජික රටවල් 12 ක් පමණි. රටවල් 31 ක් ඡන්දය දීමෙන් වැළැකී සිටියේය. යෝජනාවට විරෝධය පළ කරමින් ඡන්දය දුන් රටවල් අතර චීනයත් රුසියාවත් සිටී. සිරියා රජය පෙරළන්න උත්සහ ගන්නා කැරැලිකරුවන්ට ආයුධ දී ඔවුන් ශක්තිමත් කරන්නේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් යැයි ද චීනය චෝදනා කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එම යෝජනාව හේතුවෙන් සිරියා අර්බුදය සිරියාවේ අසල්වැසි රටවලට පැතිර යනු ඇතැයි චීනය බිය පළ කරයි. සිරියාවට සාමකාමී විසඳුමක් දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත් කරනු ලැබූ විශේෂ සාම නියෝජිත කොෆී අනන් ද සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ගැන චීන රජය සිය අසතුට පළ කර සිටී. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිරියාවට අවස්ථා තුනක දී යෝජනාවලීන් ඉදිරිපත් කළ අතර ඒ සෑම අවස්ථාවකදීම චීනය, රුසියාව සමඟ එක් වී නිෂේධ බලය යොදා ඒවා පරාජය කළේය. සිරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල අඩුවක් දක්නට නොලැබිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ සිරියාවේ ගැටුම්වලින් මේ වනවිට 20,000 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.



අදහස් (0)

සිරියා අර්බුදය දිග්ගැස්සුණේ බටහිර වරදින් යැයි චීනය කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site