සිරියාවේ ඩමැස්කස් අගනුවර අත්පත් කර ගැනීමට සතියක් තිස්සේ සටන් කළ කැරැුලිකරුවන් පළවා හැරීමට එරට ජනාධිපති බෂීර් අල් අසාද්ගේ සොහොයුරු මහේර් අල් අසාද් මෙහෙය වූ විශේෂ හමුදා බලඇණිය පෙරේදා (22) සමත් විය. මහේර් අල් අසාද්ගේ හමුදා බළඇණිය කැරැලිකරුවන්ට ප‍්‍රහාර එල්ල කර ඇත්තේ ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා ද භාවිතා කරමින්ය. දරුණු ගැටුම් පැවැතියේ ඩමැස්කස් අගනුවර බර්සේ පළාතේ යැයි මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපති අසාද් බලයෙන් පහ කිරීමට සටන් කරන කැරැලිකරුවන්ගේ ‘නිදහස් සිරියානු හමුදාව’ ඉකුත් සතියේ ඩමැස්කස් අගනුවර අධි ආරක්ෂක කලාපයක පිහිටි ජාතික ආරක්ෂක අමත්‍යාංශයටද මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළේය. එම බෝම්බ ප‍්‍රහාරයෙන් සිරියානු ආරක්ෂක ඇමැති ඩවුඞ් රාජා, ජනපති බෂීර් අල් අසාද්ගේ මස්සිනා මෙන්ම නියෝජ්‍ය ආරක්ෂක ඇමැති අසෙෆ් ෂව්කාත්, රජයේ උපදේශකවරයකු වන ජනරාල් හසන් ටර්ක්මේනී, අභ්‍යන්තර කටයුතු ඇමැති මොහොමඞ් අල් ෂාර් සහ ජාතික ආරක්ෂක ප‍්‍රධානී ජනරාල් හිෂාම් ඉක්තියාර් ද මිය ගියහ. සිරියානු රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ඝාතනය කිරීමට හැකි වීම සිරියා කැරැලිකාර පාර්ශවය ලැබූ ජයග‍්‍රහණයක් බවත් බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන ජනපති බෂීර් අල් අසාද් ලැබූ විශාල පරාජයක් බවත් ඇතැම් බටහිර පුවත් සේවා වාර්තා කරයි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිරියා අගනුවර අල්ලන්න හැදූ කැරැලිකරුවෝ පලවා හැරෙති
මධූ Tuesday, 24 July 2012 12:34 PM
ගඩාෆිට වුණ දේ වගේ ..... (ස)