සර්බියාවේ හිටපු හමුදා ප‍්‍රධානී මොමිසිලෝ පෙරිසික්ට (67) යුගෝස්ලෝවියාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ යුද අපරාධ අධිකරණය විනිශ්චය මණ්ලයක් විසින් වසර 27ක සිර දඬුවමක් නියම කරනු ලැබ තිබේ. බොස්නියාවේ හා ක්‍රෝෂියාවේ ජනතාවට 1990දී, වධ හිංසා කිරීම් හා මිනී මැරුම් සිදුකළේයැයි මොම්සිලෝ විරුද්ධව එල්ලවී තිබූ චෝදනාවලට ඔහු වරදකරුවී ඇති හෙයින් මෙම සිර දඬුවම නියමවී තිබේ. අසාධාරණයට එරෙහිව කුපිතවූ මුස්ලිම් ජනතාව සර්ජීවෝ නගරය වැටලූ අවස්ථාවේ පුද්ගලයන් 8000ක් පමණ මරා දැමීමට හමුදාවට අණ කිරීම. යුද අපුරාධ සිදු කිරීම. ස‍්‍රබෙනිකා හි තවත් මුස්ලිම් ජනතාව හා පිරිමි ළමයින් රාශියක් මරා දැමීම මොම්සිලෝට එල්ලවී තිබූ චෝදනා වෙති. මාස 42 තිස්සේ ස‍්‍රබෙනිකා නුවර වටලා සිදුකළ උද්ඝෝෂණවලදී හමුදාව, මුස්ලිම් විරෝධතා කරුවන් මරා දැමූහ. 1995දී ක්‍රෝෂියාවේ අගනුවර වන සැග්ර්ඞ් වෙත ෂෙල් වෙඩි ප‍්‍රහාර එල්ල කිරීම පිළිබඳව ද ඔහුට විරුද්ධ චෝදනා එල්ල වී තිබුණි.
1
දරුණු එල්නිනෝවක් අත ළඟ ජුනි සිට ලබන අප්‍රේල් දක්වා අවදානමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd