
පාකිස්තාන ජනාධිපති ධුරය අසීෆ් අලී සර්දාරිට හිමිවෙද්දී, පාකිස්තාන ‘ජනාධිපති ආර්යාව’ යන නමින් අසීෆ් අලී සර්දාරිගේ දියණිය අසීෆා බූතෝ හැඳින්වීමට තීරණය කර තිබේ.
අසීෆ් අලී සර්දාරි යනු ඝාතනයට ලක් වුණු පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරිය බෙනාසීර් බූතෝගේ සැමියාය. අසීෆ් අලී සර්දාරිට දියණියක සහ පුත්‍රයකු සිටින අතර, පසුගිය පාකිස්තාන මහ මැතිවරණයේ දී ‘පාකිස්තාන ජනතා පක්ෂය’ මෙයෙවූ බිලාවිල් බූතෝ, සර්දාරිගේ පුත්‍රයාය.
සාමාන්‍යයෙන්, ‘ජනාධිපති ආර්යාව’ යන ධුරය පිරිනැමෙන්නේ, ජනාධිපති ධුරයට පත් වන පුද්ගලයාගේ බිරිඳට වුවත්, සර්දාරි වැන්දඹුවකු බැවින්, ‘ජනාධිපති ආර්යාව’ ධුරය දියණියට පිරිනැමීමට සර්දාරි තීරනය කිරීම සුවිශේෂී සිදුවීමකි. පාකිස්තාන ‘ජනාධිපති ආර්යාව’ ලෙස දියණියක පත් වූ පළමු අවස්ථාව මෙයයි. පාකිස්තාන ජනාධිපති ආර්යාවට හිමිවන සියලු වරප්‍රසාද අසීෆා බූතෝට හිමිවෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මා වගේමයි!
තාත්තලා දූලා ත් එකට ඉන්නවා වගේ .බල තන්හාවට කරන වැඩ