රුසියානු සෝයූස් අභ්‍යාවකාශ යානය පැය හයක කාලයකදී සාර්ථක ලෙස අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ගොඩ බැස්සේය.

ත්‍රිපුද්ගල කණ්ඩායමක් මෙම මෙහෙයුමට සහභාගී වූ අතර කෙටි කාලයක දී කක්ශ 4ක් පමණ පසු කරමින්  අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.

සාමාන්‍යයෙන් මෙවැනි ගමනක් සඳහා රුසියා අභ්‍යාවකාශ යානාවකට දින දෙකක් පමණ ගතවේ. එහෙත් නැවත පෘථිවියට පැමිණීමට ගත වනුයේ පැය තුනකි. මේ ත්‍රිපුද්ගල කණ්ඩායම රුසියාවේ දී නම් කැරිණි.