මෙවර ජනාධිපතිවරණයේ අවසන් ප‍්‍රතිඵල සියලූ දේශපාලන පක්ෂ විසින් පිළිගත යුතු බවත් වෙනිසියුලා ජනපති හියුගෝ චාවේස් පෙරේදා(6) පැවැසීය.
චාවේස්(58) මේ බව කියා සිටියේ පෙරේදා ලතින් ඇමෙරිකානු මැතිවරණ නිරීක්ෂක පිරිසක් සමඟ පැවැති මාධ්‍ය හමුවකදීය.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන වාමාංශික, දක්ෂිණාංශික ආදී වූ දේශපාලන පක්ෂවල අපේක්ෂකයන් ජනාධිපතිවරණයේ අවසන් ප‍්‍රතිඵල පිළිගත යුතු බවත් එහිදී ඇතැමුන්ගේ අපේක්ෂා බොඳවිය හැකි බවත් චාවේස් අවධාරණය කළේය.
වසර 14ක් තිස්සේ වෙනිසියුලාවේ ජනාධිපති ධූරය හෙබ වූ චාවේස්ට මෙවර ජනාධිපතිවරණ සටනේදී අභියෝගයක් එල්ල වී තිබේ. ඒ ප‍්‍රතිවාදී ‘යුක්තිය පෙරට’ පක්ෂ නායක හතළිස් හැවිරිදි හෙන්රීක් කැප්රියේල්ස්ගෙනි.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම සාමකාමීව සිදුවනු ඇති බවත් අවසානයේදී සුදුස්සා බලයට පත්වනු ඇති බවත් තමා අපේක්ෂාක කරන බව ජනපති චාවේස් එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
විද්‍යුත් ඡන්ද ප‍්‍රකාශ කිරීමේ ක‍්‍රමය ජනාධිපතිවරණ කටයුතු සඳහා උපයෝගී කර ගන්නා නිසා කිසිදු අක‍්‍රමිකතාවක් සිදු නොවන බව වෙනිසියුලාවට පැමිණ සිටින ආර්ජන්ටිනාවේ හිටපු අගමැතිවරයකු සහ මැතිවරණ විශේෂඥයකු ද වන කාර්ලෝස් අල්වාරේස් පැවැසීය.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා ලංකාවේ මැතිවරණ අපේක්ෂකයෙක් නම් මම ඡන්දය දෙන්නේ ඔබතුමාටයි. (නි)
ඇයි මෙයාලට බැරි එහෙම පිළිගන්න...!(නු)
මම කැමති නැහැ එයාට. (නි)