
මේ සතියේ එල්ල වූ සයිබර් ප්‍රහාරයේදී ගිණුම් 130 කට ආසන්න සංඛ්‍යාවක් හැකර්කරුවන්ගේ ඉලක්ක බවට පත්වූයේ යැයි ට්විටර් සමාගම අනාවරණය කරයි.
ට්විටර් සමාජ ජාලයට මේ සතියේදී දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වූ අතර ලොව සුප්‍රකට පුද්ගලයන් කිහිපදෙනකුගේ ගිණුම් ද ඊට ඇතුළත් විය. ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා, ඇමෙරිකා ජනාධිපතිවරණයේ අපේක්ෂක ජෝ බයිඩන්, බිලියනපතියකු වන ඊලෝන් මස්ක් යන අය ඒ අතර වූහ.
ට්විටර් පරිශීලිකයන් මාර්ගයෙන් ඩිජිටල් මුදල් ඒකක ගෙන්වා ගැනීමේ අරමුණින් මෙම හැකර් ප්‍රහාරය එල්ල කර තිබිණි.
ට්විටර් සමාජ ජාලයේ අභ්‍යන්තර පද්ධතිවලට පිවිසීමට හැකි සේවකයන් මාර්ගයෙන් හැකරුකරුවන් මෙම දැවන්ත සයිබර් ප්‍රහාරය එල්ල කර තිබිණි.
සයිබර් ප්‍රහාරයට ලක්වුණු ට්විටර් ගිණුම්වල පාලනය නැවත ලබාගැනීමට හැකි වූ බව ට්විටර් සමාගම නිකුත් කළ නවතම නිවේදනයේ දැක්විණි.
හැකරුකරුවන් අදාළ ගිණුම්වල පෞද්ගලික දත්ත ලබාගත්තේ ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් සොයා බලන බව ද ට්විටර් සමාගම සඳහන් කළේය.
රැප් ගායක කේන් වෙස්ට්, රූපවාහිනි තරුවක් වන කිම් කාඩෂියන්, මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ බිල් ගේට්ස්, ‘ඌබර්’ සහ ‘ඇපල්’ සමාගම්වල ගිණුම්වලට මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී තිබිණි.
සයිබර් ප්‍රහාරයෙන් බලපෑමකට ලක්වූ ගිණුම්වල හිමිකරුවන් සමඟ මේ සම්බන්ධයෙන් කටයුතු කරන බව ද ට්විටර් සමාගම අවධාරණය කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය (එෆ්.බී.අයි) සැන් ෆ්‍රැන්සිස්කෝ කාර්යාලය මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වයි. මෙය සිදු වූ ආකාරය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් අවශ්‍ය යැයි ඇමෙරිකානු කොංග්‍රසයේ සාමාජිකයන් ද ඉල්ලීමක් කර ඇත.
රොයිටර්
055
2025 නොවැම්බර් මස 04
717
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සයිබර් ප්‍රහාරයෙන් ට්විටර් ගිණුම් 130 කට බලපෑම් එල්ල වෙලා