මළේයැයි සැළැකුණු චීන ජාතික කාන්තාවකට අවසාන මොහොතේදී ‘‘පණ‘‘ලැබුණු පුවතක් චීනයෙන් වාර්තා වේ.
පෙන්ග් ෂියුහා (101) ජීවත් වූයේ සිය දියණියන් දෙදෙන සමගය. දිනක් පෙන්ග් සිහිසුන්ව ඇද වැටෙන්නේ නිවසේ වැඩ කරමින් සිටිනාතුරදීය.
දියණියන් දෙදෙන කොතෙක් උත්සාහ කළද පෙන්ග්ට සිහිය ලැඛෙන පාටක් නම් නොවුණි.ඇයගේ නාඩි වැටීම පවා හදුනාගත නොහැකි තත්ත්වයේ පැවැතුණු බැවින් දියණියන් දෙදෙන අවසානයේ තීරණය කර තිඛෙන්නේ සිය මව මියගොස් ඇති බවයි.
ඥාතිමිත්රාදීන් කැදවා අවසන් කටයුතු සිදු කිරීමේ අපේක්ෂාවෙන් පෙන්ග් මිනී පෙට්ටියට දැමිමට සැරසෙන අවස්ථාවේ ‘‘පියවි‘‘ලෝකයට පැමිණ ඇති පෙන් විමසා ඇත්තේ සිය නිවසේ මෙතරම් සෙනගක් රැස්ව සිටින්නේ ඇයිද කියාය.
බියපත් වුවද පෙන් හොද සුවයෙන් සිටිනු දුටු දියණියන් දෙදෙන හා ඥාතීන් සිදුවුණු දේ පැහැදිලි කළ පසු සිනාසුණු පෙන් ‘‘මම හරිම වාසනාවන්තකෙනෙක්.පණ පිටින් වැළලෙන්න ඉස්සෙල්ලා මට සිහියත් ආවා ඒ වගේම මම ගැන හිතන අය මෙච්චර ඉන්නවයි කියලත් මම අද දැනගත්තා‘‘යනුවෙන් පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ කතාවක් තමයි මට මතකෙට ආවේ (දී)
අතීත කතාවක් මතක් උනා (දී)
දෙයියෝ සාක්කි!(නදී)
ලංකාවෙ කේස් එකක් නෙමෙයි නිසා හොදයි. මරණ පරීක්ෂණයක් කළා නම් තත්ත්වය වෙනස් වෙන්නත් තිබුණා. (නි)
මාර වාසනාවක්නේ තියෙන්නේ. ඇත්තටම හොද පුවතක්.(නදී)
අම්මෝ! එහෙම වෙනවා නම් නියමයිනේ.(නදී)
කව්රුත් ඔහොම තමයි. නින්ද ගියාම ම මැරුනා වගේ තමයි. මට නම් හිතෙන්නේ මේ ආච්චි උවමනාවටම කරපු වැඩක් වගේ.(නදී)
කොහොමත් ඔය වයසෙදි නාඩි වැටෙන්නෙ නෑ තමයි (ස)
ලංකාවෙ නම් මොනවා වෙලාද දන්නෙ නැහැ. (නි)
ජිවත්වෙන්න පින තිබෙනවා නම් ගලේ ගැහුවත් මැරෙන්නෙ නැහැ. (නි)
එතකොට මෙහේ වගේ එම්බාම් කරන්නේ නැද්ද ඒ රටේ (ස)
තවත් ජීවත් වෙන්න ඔබ වාසනාවන්තියෙකි (ස)