
සෞරග්‍රහ මණ්ඩලයේ වටිනාම දේ ලෙස තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබ ඇති, ‘සයිකී 16’ Psyche නමැති ග්‍රහකය ගවේෂණයට ඇමෙරිකාවේ නාසා ආයතනය ඊයේ (12) රොබෝ යානයක් පිටත් කර හැරියේය.
‘සයිකී 16’ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහක පටියේ පාමෙන් පවතින ග්‍රහකයකි. සාමාන්‍යයෙන් ග්‍රහකවල අඩංගු වන්නේ පාෂාණ සහ අයිස් ය. එහෙත්, ‘සයිකී 16’ ග්‍රහකයේ ඇත්තේ රත්තරන් ද ඇතුළු මිල කළ නොහැකි වටිනා ලෝහ යැයි තාරතා විද්‍යාඥයන් තහවුරු කර තිබේ.
‘සයිකී 16’ ග්‍රහකය කැබැලි කර, මනුෂ්‍ය වර්ගයා අතරේ බෙදා දුන්නොත්, සෑම කෙනකුම බිලියනපතියකු වනු ඇති බව ද ග්‍රහකය කොතරම් වටිනවාදැයි පෙන්වා දෙමින් නාසා ආයතනය පැහැදිලි කර ඇත.
‘සයිකී 16’ ග්‍රහකය පළමුවෙන්ම සොයා ගැනීම සිදුවූයේ 1852 වසරේදීය. ග්‍රහකයේ පළල කිලෝ මීටර් 225 කි.
ග්‍රහකය ඇත්තේ අඟහරු සහ බෘහස්පති අතරේය. ‘සයිකී 16’ ගවේෂණවයට යැවෙන නාසා රොබෝ යානය ද නම් කර ඇත්තේ ‘සයිකී’ යනුවෙනි.
යානය, අභ්‍යවකාශයට රැගෙන යෑම සිදු කළේ, ‘ස්පේස් එක්ස්’ සමාගමේ ‘ෆෝල්කන් හෙවී’ රොකට්ටුවකිනි.
‘සයිකී’ යානය 2029 වසරේ දී ග්‍රහකයට ළං වනු ඇත. ගවේෂණ කටයුතු ආරම්භ වන්නේ ඉන් අනතුරුවය.
ස්තුතිය - නාසා ආයතනයට

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජ පවුලට හොඳ නිවුස් එකක්
ඔය ග්‍රාහකයා කැබලිකර රොකට් මගින් අපේ ලෝකයට රැගෙන එද්දී , වැටෙනකොට අපේ ලෝකේ විනාශවෙන්නේ නැත්ද , මෝඩ වැඩක්නේ , උදාහරණයක් මම දෙන්නම් අපේ ගෙදර පූසෙක් හිටියා , අපේ ගෙදරට මාළු ගෙනාව දවසක මම පොලිතින් උරේ පිටින්ම පූසට සුවඳ කරන්න දීලා ඒකෙන් ගැසුවා රිදෙන්න , පූසට මාළු එපා උනා , කොච්චර රස කෑමක් උනත් පූසට එපා උනා , අන්න ඒ වගේ ඔය ග්‍රාහකයා පොලවට වැට්ටෙව්වොත් අපේ ලෝකේ විනාෂවෙන්ට පුළුවන්
සයිකී කැබලි කර බෙදා දුන්නොත් ඔක්කොමලා බිලියන පතියන් වෙනවා කියන්නෙ මෝඩ කතාවක් නොවෙයිද මොකද එතකොට ඔක්කොමලා බිලියනපතියො වුනොත් සෑම කෙනෙක්ම සමානයි ඔක්කොමලා සමාන වුනොත් වටිනකමක් කොයින්ද කොහොමින් කොහොම හරි අත්පත් කරන කණ්ඩායමේ අය ලෝකය පාලනය කරාවිද සම්පූර්ණයෙන්ම විනාශ කරයිද කියලා හිතන්න අමාරුයි
අපේරටේ රොකට් විද්ද්‍යාඥයොත් ඇරියනේ රොකට් එකක් ඒක ආගිය අතක් නෑනේ. මං හිතන්නේ පස්සේ බලනකොට ඒක අල්ලපු වත්තට වැටිලා තිබුනද කොහේද. .... හොඳ වෙලාවට අපිට එච්චර දුරක් යන්න පුළුවන් තාක්ෂනයක් නැත්තේ. ඕක මේ ළඟක එහෙම තිබුනානම් ඔය සයිකී 16’ කෑල්ලක්වත් හොයාගන්න බැරිවෙනවා..