IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


සමූහ අතවරයකට ලක් වූ ඉන්දීය වෛද්‍ය සිසුවිය අවසන් ගමන් යයි

නවදිල්ලි නුවරදී ඉකුත් 16 වැනිදා සමූහ දුෂණයකට ලක් වී, බරපතළ තුවාල ලබා, සිංගප්පූරු රෝහලක ප‍්‍රතිකාර ගනිමින් සිටියදී මියගිය 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවගේ දේහය, විශේෂ ගුවන් යානයක් යවා ගෙන්වා ගැනීමට ඉන්දීය රජය පෙරේදා (29) රාති‍්‍රයේ කටයුතු කළ අතර ඊයේ (30) ඇගේ අවසන් කටයුතු සිදු කෙරුණි.
දින 13 ක් තිස්සේ මරුවා සමඟ කළ සටනකින් පසු එම වෛද්‍ය ශිෂ්‍යාව මියගියේ පෙරේදා අලූයම 2.45 ට පමණය. ඉන්ද්‍රීයයන් අකි‍්‍රය වීමෙන් ඇය මියගිය බවත් උදරයේත්, පෙණහලූවලත්, මොළයේත් ආසාදනයන්ට ලක් ව සිටි ඇය, හෘදයාබාධයකට ද ගොදුරු වූ බවත් සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඇගේ මරණය ගැන දුක් මුසු පුවත මාධ්‍ය වෙත නිකුත් කරමින් කියා සිටියහ.
තරුණිය අතවරයට සහ පහර කෑමට ලක් වූයේ ඇය ඇගේ පෙම්වතා ද සමඟ රාති‍්‍රයේ බස් රියකින් ගමන් කරද්දීය. ඔවුන් දෙදෙනා ලබන පෙබරවාරි මාසයේ දී විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි බව ද වාර්තා වේ. තරුණිය අතවරයට ලක් වූ අවස්ථාවේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම ප‍්‍රමාද කරමින්, නවදිල්ලි පොලිසිය දැක් වූ උදාසීනත්වය නිසා ඉන්දීය රජයට දැඩි ජනතා විරෝධයක් එල්ල විය. ඉකුත් 23 වැනිදා නවදිල්ලියේ දැවැන්ත විරෝධතා රැලි පැවැත්විණි.
ශිෂ්‍යාවගේ මරණයත් සමඟ නවදිල්ලියේ යළිත් විරෝධතා ඇතිවේ යැයි බියෙන් ආරක්ෂාව තර කර ඇත. ඉන්දීය ජනපති, උප ජනපති, අගමැති, ස්වදේශ කටයුතු ඇමැති, දිල්ලි මහ ඇමැති පමණක් නොව දිල්ලි පොලිසියත් ජනතාවට ආයාචනා කර ඇත්තේ නීතිය අතට නොගෙන සාමකාමීව කටයුතු කරන ලෙසටය.
ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැති සුසිල් කුමාර් සින්දේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් පෙරේදා උදෑසන කියා සිටියේ වෛද්‍ය ශිෂ්‍යාවට අත් වූ එම ඛේදනීය ඉරණම සම්බන්ධයෙන් සෑම ඉන්දියානුවකුම ලැජ්ජා විය යුතු බවය.
ශිෂ්‍යාවගේ දේහය පෙරේදා රාති‍්‍රයේ ඉන්දියාවට ගෙන ඒමට විශේෂ ගුවන් යානයක් යැවීමට ඉන්දීය රජය පියවර ගෙන තිබුණු අතර, ඇගේ අවසන් කටයුතු ඇගේ මවුපියන්ගේ කැමැත්ත පරිදි සිදු වනු ඇතැයි ස්වදේශ කටයුතු ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය. ඒ අනුව ඊයේ ඇගේ පවුලේ සාමාජිකයන් සහ සමීපතම ඥාතීන් එක් වී ඇගේ අවසන් කටයුතු සිදු කළ බවත් දේහය ආදාහනය කළ බවත් වාර්තා විය.
දේහය නවදිල්ලි ගුවන්තොටු පොළට ගෙනා අවස්ථාවේදී ඉන්දීය අගමැති සිං සහ කොංග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි ගුවන් තොටුපොළට පැමිණ ශිෂ්‍යාවගේ පවුලේ අය හමුවී ඔවුන්ට කනගාටුව ප‍්‍රකාශ කළ බව ද වාර්තා වේ.
පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් තරුණිය ගැන හෝ ඇගේ පවුලේ අය ගැන හෝ විස්තර මාධ්‍ය වෙත නිකත් නොකෙරුණු අතර ඉන්දියාවේ එන්.ඞී.ටීවී පුවත් නාලිකාව ඇය හඳුන්වා දී තිබුණේ ‘ඩෝටර් ඔෆ් ඉන්දියා’ නැතහොත් ‘ඉන්දියාවේ දියණිය’ යනුවෙනි. මුළුමහත් ඉන්දියාවම කඳුළිත් තෙත් කළ ඇය වීර දියණික යැයි ද පුවත් සේවා වාර්තා කර ඇත.

වෛද්‍ය සිසුවියගේ අභවය වෙනුවෙන් ශෝකය පළ කරන නවදිල්ලි වැසියෝ



අදහස් (0)

සමූහ අතවරයකට ලක් වූ ඉන්දීය වෛද්‍ය සිසුවිය අවසන් ගමන් යයි

ෂිරාශ් Monday, 31 December 2012 01:59 PM

කොටකෙතන, කහවත්තෙ කීදෙනෙක් නම් මැරුණද? කවුරුවත් බැස්සද පාරට? (නි)

:       0       0

මුබාරක් Tuesday, 01 January 2013 12:58 PM

උණු උණුවේ දඩුවම් මෙම දූෂකයින්ට ලබාදිය යුතුයි. (නි)

:       0       0

අනිල් Wednesday, 02 January 2013 07:30 AM

හය දෙනාම එල්ලා මැරිය යුතුයි යැයි මම යෝජනා කරන අතර එය එසේම වේවායිද පතමි. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 31 December 2012 02:39 PM

මේ වෙනුවෙන් පෙළගැසීම අපි අගය කරමු. ඒ සොයුරියට සුවබර නින්දක්. (නි)

:       0       0

ප්‍රසාද් Monday, 31 December 2012 03:07 PM

මොක්සුව ඔබට ලැබේවා (ස)

:       0       0

නිත්‍යා Wednesday, 02 January 2013 08:51 AM

ලොව පුරා කෙතරම් මෙවැනි සිදුවීම් සිදුවී නිහඩවම අතීතයට එක්වෙනවාද ? නමුත් මෙම සිදුවීම කාගේත් හදවත් සසල කෙරිනි.මිනිමතුවත් ලොව පුරා සිදුවන මෙවැනි අකටයුතුකම් සිදු නොවේවා (ස)

:       0       0

චන්ද්‍රා-සිඩ්නි Monday, 31 December 2012 04:34 PM

ඒ පාපතරයින් හය දෙනා තවමත් නිදැල්ලේද? (නි)

:       0       0

ලලිත් - කටාර් Monday, 31 December 2012 07:25 PM

අධර්මය රජවුණු මෙවන් කෲර ‍ලෝකයක අකාලයේ මිලින වුණු ඔබට මොක් සුව පතමි! (නි)

:       0       0

තිලිණ ඉතාලිය Tuesday, 01 January 2013 07:35 PM

ඔබට නිවන් සුව සොයුරියනි..!(නු)

:       0       0

චන්ද්‍රා Tuesday, 01 January 2013 08:48 PM

දෙන්න තියෙන හොදම දඩුවමක් ප්‍රසිද්ධියේ දෙන්න ඕන..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 01 January 2013 08:50 PM

මේ සදහා ඉංදියාවෙ අලුත් නීතියක් ගෙනල්ලා කියලා දැනගන්න ලැබුණා.. එම නීතිය ලංකාවටත් ගෙනවානනම් ‍හරි..!(නු)

:       0       0

අජිත් Tuesday, 01 January 2013 11:26 AM

මෙම දියණියගේ නම් ගම් හෙළි ‍නොකර ලංකාදීපය කළ ක්‍රියාව අනෙක් මාධ්‍යයන්ටද ආදර්ශයක් වේවා! (නි)

:       0       0

ෂෙරීෆ් Monday, 31 December 2012 09:47 PM

මෙවැනි ම්ලේච්ඡ සිදුවීම් අපි සියල්ලෝම හෙළා දකින්නෙමු. (නි)

:       0       0

ෂර්මිලා Monday, 31 December 2012 01:59 PM

මට නම් මේවා ඇහෙනකොටත් ඇග හිරිවැටෙනවා. ස්ත්‍රී දූෂකයින්ට මරණ දඩුවම නියම කළයුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1746 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1439 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 517 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site