IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


සෝමාලියාවේ ජනපති මැදුර ආසන්නයේ කාර් බෝම්බයක් පුපුරයි

සෝමාලියාවේ මොගඩිෂු නුවර රජයේ ගොඩනැගිල්ලකට අයත් භූමියකට පෙරේදා (04) බෝම්බයක් රැගත් මෝටර් රියක් කඩා වැදී එය පුපුරවා හැරීම නිසා පුද්ගලයන් 70 දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්‍ෂයට පත්වූ බව එරට ජනාධිපති කාර්යාලය කියා සිටී, අල්-ෂෙබාබ් ත‍්‍රස්ත සංවිධානය මෙම බෝම්බය පිපිරවීමේ වගකීම බාරගෙන ඇති අතර බෝම්බය පුපුරවා ඇත්තේ සෝමාලියාවේ අධ්‍යාපන අමාත්‍යෘංශයට අයත් ගොඩනැගිලි පිහිටි භූමියක් තුළදීය. මෙම සිද්ධිය නිසා 150 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි ද පොලිසිය කියයි.එම භූමිය අසලම ඇති තවත් අමාත්‍යාංශ ගණනාවක ගොඩනැගිලිවලටද හානි සිදුවී ඇතැයි පවසන සෝමාලියා ජනාධිපති ෂරීෆ් ෂීක් අහ්මඞ්, එම ප‍්‍රහාරය හෙළා දකිමින් නිවේදනයක්ද නිකුත් කර තිබේ. ඉස්ලාමීය මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ ක‍්‍රියාවක්වන මෙම පිපිරවීම සිදුවී ඇත්තේ ”කිලෝ මීටර් 4” යන ප‍්‍රදේශය තුළය. ”කිලෝ මීටර් 4” ප‍්‍රදේශයේ සිට ජනපති ෂරීෆ් ෂීක්ගේ මන්දිරයට ඇත්තේ ඉතා සුළු දුරකි. ”මෙම ප‍්‍රහාරය ගැන මම බොහෝ සෙයින් කම්පාවට පත්වී සිටිනවා. එය පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා” යැයි මොගඩිෂු ජනාධිපති ෂරීෆ් ෂීක් පැවැසීය. ”මියගිය අයගේ පවුලේ උදවිය වෙනුවෙන් මාගේ කණගාටුව ප‍්‍රකාශ කරනවා” යැයිද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.සෝමාලියාව, 1991 දී සිවිල් යුද්ධයකට පිවිසුණායින් පසු මුහුණ පෑ දරුණුම සිද්ධිය මෙය බව බෝම්බ සිද්ධිය ඇසින් දුටු අයෙක් පැවසීය.



අදහස් (0)

සෝමාලියාවේ ජනපති මැදුර ආසන්නයේ කාර් බෝම්බයක් පුපුරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 694 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 872 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 371 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site