සෝමාලියාවේ මොගඩිෂු නගරයේ ජනපති මන්දිරය ඉදිරිපිට ඊයේ (29) සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
මියගියේ බෝම්බකරු සහ ආරක්ෂක නිලධාරීන් පිරිසකි. තවත් 12 දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කෙරුණි.
බෝම්බකරු උත්සහ ගෙන ඇත්තේ අගමැති කාර්යාලයට කඩා වැදීමට බවත් ආරක්ෂක අංශ මැදිහත් වී ඔහු නැවැත්වූ අවස්ථාවේදී ඔහු බෝම්බය පුපුරුවා ගත් බවත් වාර්තා වේ.