IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සෝමාලි ජනපති ඝාතන තැත වරදී

සෝමාලියා ජනපති ෂරිෆ් ෂීක් අහ්මඞ් ගමන් කළ සන්නද්ධ රථ පෙළ වටකොට අල් ෂෙබාබ් සටන්කාමීන් පෙරේදා (29) ප‍්‍රහාරයක් එල්ල කළත් දිවි බේරා ගැනීමට ජනපතිවරයා සමත් වූයේය. අල් ෂෙබාබ් යනු අල් කයිඩා සංවිධානය සමඟ ද සම්බන්ධකම් පවත්වන සෝමාලියාවේ කි‍්‍රයාත්මක ඉස්ලාමීය සටන්කාමී සංවිධානයකි. ජනාධිපතිවරයා ඉලක්ක කරගෙන එල්ල කළ එම ප‍්‍රහාරයෙන් ජනපතිවරයාගේ ආරක්ෂාවට සිටි සෝමාලි හමුදා සෙබළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ප‍්‍රහාරය එල්ල වූයේ ජනපතිවරයා රැගත් රථ පෙළ අලමාදා ප‍්‍රදේශය හරහා යද්දීය. අවි ගැටුම් නිසා උන්හිටිතැන් අහිමි වූවන් ජීවත් වන්නේ අලමාදා ප‍්‍රදේශය පිහිටා ඇති සරණාගත කඳවුරුවලය. ජනපතිවරයා එම ප‍්‍රදේශයට ගියේ ද අවතැන් වූවන් හමුවීමටය. ජනාධිපතිවරයාගේ රථ පෙළට ආරක්ෂාව සපයනු ලැබුවේ අප‍්‍රිකා සංගමයේ භට පිරිස් විසිනි. සටන්කාමීන් පහර දුන් අවස්ථාවේදී ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරමින් ජනපතිවරයා ආරක්ෂා කළේ එම සෙබළුන්ය.



අදහස් (0)

සෝමාලි ජනපති ඝාතන තැත වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site