තම ස්වාමි පුරුෂයා මළ පසුත් අතහැර දමනු නොහැකිව ඔහුගේ දේහය අවුරුද්දක් පුරා නිදි යහනේම තබාගත් කාන්තාවක බෙල්ලජියමේ සිටී. මේ බැව් සොයාගැනීමට හැකිව තිබෙන්නේ ඇය කුලියට පදිංචිව සිටින නිවසේ හිමිකරු තම නිවසේ පදිංචිව සිටින්නවුන් වසරක් පුරා නිවසේ කුළී ගෙවා නැතැයි පොලිසිය දැනුම්වත් කිරීම මාර්ගයෙනි. මේ බව පරීක්ෂා කිරීමට නිවෙසට පැමිණි පොලිස් නිලධාරීන්ට සයනය මත තිබූ මිනිස් මළ සිරුර සොයාගැනීමට හැකිව ඇත.

මෙම පුද්ගලයා මිය යන විට 79 වැනි වියෙ පසුවී යැයි හෙළිව තිබේ. බිරියගේ වයස අවුරුදු 69 කි.

එහි වූ සිරුරේ මස් දිය වී ඇට පෑදි තිබුණි.  හදිසි මරණ පරීක්ෂකවරයාට අනුව මළ සිරුර ස්වයං සංරක්ෂණයකට භාජනය වී තිබේ. සාමාන්‍යයෙන් වියළී හා උණුසුම් පරිසරයක මළ සිරුරක් අමුතුවෙන් සංරක්ෂණය කිරීමක් අවශ්‍ය නොවන බව ඔහු පවසයි.  නමුත් මියගොස් සතියක් පමණ ගත වූ තැන මළ සිරුර ඉහඳ පණුවන්ගෙන් පිරී තිබෙන්නට ඇතැයි ද මේ කාන්තාව එවන් තත්ත්වයක් උසුලාගෙන සිටියේ කෙලෙසද යන්න වටහා ගැනීමට අපසහු යැයි ද ඔහු කියයි. කාන්තාවට එරෙහිව නීතිමය පියවර ගැනීමක් පිළිබඳව සඳහනක් නම් නොමැත.