යුරෝපා කලාපයේ හටගෙන ඇති ආර්ථික අර්බුදයේ ප‍්‍රතිඵලයක් ලෙස ස්පාඤ්ඤ රජය සිදු කළ සුබසාධන කප්පාදුවට සහ උග‍්‍ර විරැකියාවට සිය විරෝධය පළ කිරීම පිණිස දහස්ගණනක් වූ තරුණ පිරිස් පෙරේදා(21) මැඞ්රිඞ් නුවරට රැස්වූහ. ආර්ථික අර්බුදයේ ගිලී සිටින යුරෝපා කලාපයේ රටවල් අතුරින් වැඩිම විරැකියා අනුපාතය වාර්තා වන රට ලෙස ස්පාඤ්ඤය සැලකෙන අතර එරට සෑම පස්දෙනෙකුගෙන් එක් අයකුම විරැකියාවෙන් පෙළෙන බව ද වාර්තා වේ. ‘රටේ විරැකියාව නැති කිරීමට අප දිගටම විරෝධතා රැගි පවත්වනවා. දැනට ස්පාඤ්ඤයේ විරැකියාවෙන් පෙළෙන ගණන මිලියන හයක් පමණ වෙනවා.’ යැයි විරෝධතාවට එක් වූ තිස්එක් හැවිරිදි රෆායෙල් ලිඩෝ පැවැසීය. ඉකුත් වසරේදී විශිෂ්ට ජයක් හිමි කරගනිමින් බලයට පත් මධ්‍ය දක්ෂිණාංශික රජය මේ වන විට ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීමට අපොහොසත්ව සිටී. රජය ඉදිරිපත් කළ කම්කරු නීති ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ හේතුවෙන් කම්කරුවන් රැකියාවෙන් ඉවත් කිරීමට හාම්පුතුන්ට ඉඩප‍්‍රස්ථා ලැබී ඇත. මෙය රටේ විරැකියාව ඉහළයාමට බලපෑ තවත් එක් සාධකයක් බවට පත්ව ඇතැයි විදෙස් විශ්ලේෂකයෝ පවසති. මේ සමඟම ස්පාඤ්ඤ රජය සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රයන්හි සුබසාධන කප්පාදු කර ඇත. මෙකී තත්ත්වයන් හේතුවෙන් පසුගිය කාලය තිස්සේ රජයට එරෙහි විරෝධතා රැල්ලක් මතුවිය.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd