බි‍්‍රතාන්‍ය රජය සිදු කළ සුබසාධන කප්පාදුවට සහ බදු ඉහළ නැංවීමට එරෙහිව විරෝධය පළ කරමින් දහස්ගණන් වැසියන් ඊයේ(21) ලන්ඩන් නුවර රැස්ව විරෝධතාවක නිරත වූහ.
සුබසාධන කප්පාදුව නතර කර බිඳ වැටෙමින් තිබෙන බි‍්‍රතාන්‍ය ආර්ථිකය ගොඩ ගැනීමට අගමැති ඬේවිඞ් කැමරුන් කටයුතු කළ යුතු බව විරෝධතාකරුවෝ අවධාරණය කළහ.
රජය ගනු ලබන මෙවැනි කි‍්‍රයාමාර්ගවලින් ධනවතුන්ට කිසිදු බලපෑමක් සිදු නොවන බව විරෝධතාවලට එක් වූ හැට හැවිරිදි රජයේ සේවකයකු වන එරික් බැටී පැවැසීය.
මේ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වන බි‍්‍රතාන්‍ය රජය කියා සිටින්නේ අයවැය හිඟය පියවීමට තමන් සැලසුම් කළ ආකාරයට කි‍්‍රයා කරන බවයි. යුරෝපා සංගමයේ රටවලට බලපා ඇති ආර්ථික අවපාතයේ බලපෑම තම රටට ද දැනී ඇතැයි බි‍්‍රතාන්‍ය රජය කියා සිටී.
මෙම විරෝධතා සඳහා හෙදියන්, පිරිසිදුකරන්නන්, පුස්තකාලයාධිපතිවරුන් ඇතුළු විවිධ වෘත්තීන්ට අයත් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
ලන්ඩන් නගරයට අමතරව බෙල්ෆාස්ට්, උතුරු අයර්ලන්තය සහ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ යන නගරවලදී ද විරෝධතා පැවැති බව වාර්තා වේ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සුබසාධන කප්පාදුවට එරෙහිව බි‍්‍රතාන්‍ය වැසියෝ වීදි බසිති
අසේල Tuesday, 23 October 2012 04:43 PM
ජයවේවා