ත්‍රස්තවාදයට උදවු සපයන බවට සහ මූලධර්මවාදී අදහස් පතුරුවන බවට චෝදනා කරමින් කටාර් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හැර දැමීමට අරාබි රටවල් හයක් අද (5) පියවර ගැනීමත් සමඟ ඊට පිළිතුරු දීමට කටාර රාජ්‍යය කටයුතු කළේය. 
 
ඒ අනුව කටාර් විදේශ අමාත්‍යාංශය පහත දැක්වෙන නිවේදනය අරාබි බසින් අද (5) ප්‍රකාශයට පත් කර තිබිණි. 
 
“සෞදි අරාබියා රාජ්‍යය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය  සහ බහරේනය දේශසීමා, ගුවන් කලාප සහ කටාරය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමට ගත් තීරණය ගැන කටාර් රාජ්‍යය වෙනුවෙන් කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය සිය කනගාටුවත් පුදුමයත් පළ කර සිටිනවා. වැරැදි තීරණ, මත සහ වැරැදි චෝදනා එල්ල කරමින් මෙම තීරණය ගෙන තිබෙන බව සඳහන් කළ යුතුයි. 
 
කටාර් රාජ්‍යයට එරෙහිව වැරැදි තොරතුරු ප්‍රචාරය කෙරෙනවා. එමෙන්ම කටාරය සම්බන්ධයෙන් විවිධ කොටස් බොරු ගතමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරනවා. කටාර් රාජ්‍යය අනතුරු කිරීම සඳහා සැඟවුණු සැලැස්මක් තිබෙනවා. 
 
කටාර් රාජ්‍යය ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වගේම එහි ප්‍රඥප්තියට අනුකූලව කටයුතු කරන රටක්. කටාරය සෑම විටම අනෙක් රටවල ස්වෛරීත්වයට ගරු කරන අතර කිසිදු අවස්ථාවක වෙනත් රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන්නේ නැහැ. ඒ වගේම ත්‍රස්තවාදයට සහ අන්තවාදයට එරෙහිව සටන් වැදීමේදී කටාර් රාජ්‍යය සිය උපරිම දායකත්වය දී තිබෙනවා.
 
කටාර් රාජ්‍යයට එරෙහිව අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරමින් මාධ්‍ය ව්‍යාපාරයක් ගෙන යන අතර ගල්ෆ් කලාපයේදී එය විශේෂයෙන්ම දැක ගත හැකිව තිබුණා. එම අසත්‍ය තොරතුරු ප්‍රචාරය වැඩපිළිවෙළ අසාර්ථක වුවත් ඒ ඉදිරිය ගෙන යෑම සඳහා දිගින් දිගටම උත්සාහ ගන්න බව පෙනී යනවා. 
 
ගොතන ලද හේතූන් දක්වමින් ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ සාමාජික රටක් වන කටාර් රාජ්‍යයට එරෙහිව කටයුතු කිරීමට ඊජිප්තුවේද සහාය සහිතව මෙම රටවල් තුන ඉදිරිපත් වී තිබීමෙන්ම එය සඳහා සත්‍ය හෝ සාධාරණ හේතු ඔවුන්ට නොමැති බව සනාථ වෙයි. මොවුන්ගේ ඉලක්කය පැහැදිලිය: කටාර් රජයට එරෙහිව භාරකාරත්වයක් බලගැන්වීම මෙහි ඉලක්කයයි. මෙය කිසිසේත් පිළිගත නොහැක්කකි. මෙය කටාර් රජයේ ස්වෛරී බව උල්ලංඝණය කිරීමේ වෑයමකි.    
 
උක්ත රටවල් ත්‍රිත්වය විසින් කටාර් රජය සමග ඇති සබඳතා නවතා දැමීමට ගෙන ඇති තීරණයට පාදක වී ඇත්තේ ගොතන ලද අසත්‍ය කරුණු මත පදනම් වුණු මාධ්‍ය ව්‍යාපාරයක්.   

 අල් ජසීරා ඇසුරිනි 055