මෙතෙක් නොඇසු විරූ ආකාරයේ රෝගියකුට ප්‍රතිකාර කිරීමට චීනයේ වුහාන් ප්‍රාන්ත රෝහලක වෛද්‍යවරුන්ට සිදුවිය.
රෝගියා 26 හැවිරිදි තරුණයෙකි.අවන්හලකදී ආහාර මෙනුවේ තිබූ ‘මාලා සූපය‘ නම් සාම්ප්‍රදායික චීන කෑමක් ඔහු තෝරාගෙන ඇත.මෙය සාදන්නේ මිරිස් වර්ග යොදාගනිමිනි. එය අනුභව කරමින් සිටිනා අතරතුරදී වමනය කිරීමට පටන් ගැනීමත් හා උදරය වේදනා දෙන බව කියමින් කෑ ගැසීමට පටන්
ගැන්මත් නිසා වහා ඔහු රෝහල් ගත කිරීමට අවට සිටියවුනට සිදුවිය.
රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරුන් පුදුමයට පත්ව ඇත්තේ රෝගයේ සුලමුල සොයා ඔහුගේ ආමාශය පරීක්ෂා කරන විටය.ආමාශ බිත්තියේ වූයේ විශාල ප්‍රමාණයේ සිදුරකි. උදරාබාධයට හේතුව වී ඇත්තේ එයයි.
‘බඩ හිල් කිරීමට‘ තරම් ආහාරය සැර වී ඇතැයි වෛද්‍යවරු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරේතකම තිබුණට ඔහොමත් කනව ද ? (ස)
කසිප්පු බොන අයගෙ බඩවල් වලට මොනවා වේවිද මන්දා? (නි)