දෙදහස්එක වර්ෂයේ ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ලවීමේ 11 වැනි සංවත්සරය අදට(11) යෙදී තිබෙන අතර ප‍්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කිරීම පිණිස ජනපති බැරැක් ඔබාමා ඇතුළු ඇමෙරිකානුවන් සූදානමින් සිටින බව වාර්තා වේ. ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ප‍්‍රහාරයට බිලි වූ ඇමෙරිකානුවන්ටත් තම මාතෘ භූමියෙන් සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටි සටන්භූමියේදී රට වෙනුවෙන් දිවි පි¥ හමුදා භටයන්ටත් තමා ගෞරව කරන බව ජනපති ඔබාමා 11 වැනි සැමරුම නිමිත්තෙන් විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේය. පැහැරගත් ගුවන්යානා දෙකකින් අල් කයිඩා සටන්කාමීන් නිව්යෝර්ක් නුවර පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට කඩා වැදුණේ 2001 සැප්තැම්බර් 11 වැනිදාය. අනතුරුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කුලූනු දෙක මුළුමනින්ම කඩා වැටීමට ගතවූයේ පැය කිහිපයකි. මීට අමතරව සටන්කාමීන් පැහැරගත් එක් ගුවන් යානයක් පෙන්ටගන් ආරක්ෂක මූලස්ථානයට කඩා වැදුණි. මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන්ග‍්‍රන්ථ බොහොමයක් රචනා විය. එම ග‍්‍රන්ථවල දක්නට ලැබුණු විශේෂත්වයක් නම් ඒවායේ කතුවරුන් එක් කරුණක් සම්බන්ධයෙන් එකඟතාව පළ කර තිබීමයි. එනම් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල බිඳ වැට්ටවීම ක‍්‍රමානුකූලව සිදු කරන ලද්දක් බවයි. කෙසේවෙතත් මේ ප‍්‍රහාරයට වගකිවයුතු බවට ඇමෙරිකාව චෝදනා කරන්නේ අල් කයිඩා සංවිධානයට සහ තලෙයිබාන් සටන්කාමීන්ටය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළ ඇමෙරිකා හමුදාව එහි තිබූ තලෙයිබාන් පාලනය පෙරළා දැමීය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සැප්තැම්බර් 11 ප‍්‍රහාරයේ 11 වැනි සැමරුම අද