IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ස්පාඤ්ඤ සමාජ ශාලාවක ගින්නක්

ගිනිකොනදිග ස්පාඤ්ඤයේ මුර්සියා නගරයේ අටලයාස් ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් 13 දෙනකු මියගිය බවත්, 14 දෙනකු අතුරුදන් බවත් ස්පාඤ්ඤ බලධාරීහු පැවැසූහ.

ගින්න හටගනිද්දී ‘ෆොන්ඩා මිලැග්‍රෝස්’ නමැති මෙම රාත්‍රී සමාජ ශාලාවේ පෞද්ගලික උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබුණි.

ගින්නට හේතුව තවමත් අනාවරණය වී නැත. ගින්න ඉතා වේගයෙන්, ‘ෆොන්ඩා මිලැග්‍රෝස්’ සමාජ ශාලාව පුරා ව්‍යාප්ත විය. එම අවස්ථාවේදී උපන් දින සාදයට පැමිණි පිරිස් කා බී විනෝද වෙමින් නටමින් සිටි බව ද පැවැසෙයි. ගින්න වේලයෙන් ශාලාව පුරා පැතිර යද්දී, එහි සිටි පිරිසට එයින් පිටවීමට නොහැකි විය. ‘ෆොන්ඩා මිලැග්‍රෝස්’ සමාජ ශාලාවේ වහලය කඩා වැටුණු බව ද පැවැසෙයි.

‘ෆොන්ඩා මිලැග්‍රෝස්’ සමාජ ශාලාවට යාබදව ඇත්තේ තවත් සමාජ ශාලා තුනකි. ගින්න ඒවාට ද පැතිර ගිය අතර ගින්නෙන් එම සමාජ ශාලාවලට හානි සිදුවිය.

මුර්සියා නගරයේ නගරාධිපති හෝසේ බැලෙස්ටා මාධ්‍ය හමුවක් පවත්වමින්, ගින්නෙන් ජීවිත අහිමි වීම සම්බන්ධයෙන් කනගාටුව පළ කළේය. ගින්න හටගෙන ඇත්තේ මහල් කීපයකින් සමන්විත ‘ෆොන්ඩා මිලැග්‍රෝස්’ සමාජ ශාලාවේ පළමු මහලේය.

ගින්න හට ගනිද්දී උපන්දින සාදයට සහභාගී වී, ගින්නට කොටුවුණු 28 හැවිරිදි තරුණියක සිය මවට දුන් අවසන් ඇමතුම ස්පාඤ්ඤ මාධ්‍ය ප්‍රසිද්ධියට පත් කර තිබේ. ‘අම්මා. මම ඔයාට ආදරෙයි. අපිව ගින්නට කොටුවුණා. අපිට මැරෙන්න වේවි’ යනුවෙන් එම 28 හැවිරිදි තරුණිය අවසන් වරට ඇගේ මවට දුන් එම ඇමතුමේ අඩංගු වෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ස්පාඤ්ඤ සමාජ ශාලාවක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 349 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site