ඇමෙරිකාවේ සංචාරයකට පැමිණි සෞදි අරාබියේ අභ්‍යන්තර කටයුතු ඇමැති මොහොමඞ් බින් නයෙෆ් කුමරු ඊයේ (15) වොෂින්ටන් අගනුවරදී ජනපති ඔබාමා හමුවී සාකච් පැවැත්වීය.
නයෙෆ් කුමරු එම ධුරයට පත්වූයේ ඉකුත් නොවැම්බරයේදී එම ධුරයේ සිටි ඔහුගේ පියා, නායේෆ් බින් අබ්දුලාසිස්ගේ මරණයත් සමඟය.
ඇමෙරිකාව සමඟ දිගු කාලයක් ඉතා සමීප සබඳතා පැවැත්වීමට නායේෆ් බින් අබ්දුලාසිස්ට හැකි වී තිබුණු අතර මොහොමඞ් බින් නයෙෆ් කුමරු පැවැසුවේ එම සබඳතා දිගටම පවත්වාගෙන යෑමට තමන් බලාපොරොත්තු වන බවය.