IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


සීතලම ගම රතු රටේ

ලෝකයේ ‘සීතලම ගම්මානය‘ පිළිබදව වාරතා වන්නේ රුසියාවෙනි.

ඔයිමයකොන් නමින් හැදින්වෙන මේ ගම්මානය පිහිටා ඇත්තේ රුසියාවේ ඊසානදිග
ප්‍රදේ්ශයේය.සීත සමයේදී පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 50 ක සාමාන්‍ය අගයක
පවතින අතර මෙතෙක් ලෝකයේ මිනිස් ජනාවාසයකින් වාර්තා වී ඇති අඩුම උෂ්ණත්වයටද (සෙල්සියස් අංශක සෘණ 72) හිමිකම් කියන්නේද මේ ගම්මානයයි.ඔයිමකොන් යන රුසියානු නමෙහි තේරුම ‘කිසිදා නොමිදෙන ජලය‘ යන්න වන අතර ගම්මානයට මේ නම ලැබී ඇත්තේ ප්‍රදේශයේ තිඛෙනා උණුදිය උල්පතක් නිසාවෙන් යැයි කියැවේ.

ජංගම දුරකථන ආදී නව තාක්ෂණික මෙවලම් මේ ප්‍රදේශයේ පවතින අධිශීත කාළගුණය නිසා වැඩකරන්නේම නැත.සිය මෝටර් රථ වල තෙල් හා ඉන්ධන සීතලට මිදේයැයි බියෙන් ගම්වැසියන් ඒවායේ එන්ජින් නොනවත්වා ක්‍රියාත්මක කර තැබීමට පුරුදුව සිටී.මුවන් රංචු වශයෙන් ඇති දැඩි කිරීම ඔයිමයකොන් වැස්සන්ගේ ප්‍රධාන ජීවනෝපාය වේ.මෙතරම් ශීතාධික පරිසරයක ජීවත් වීමට ඔවුනට අවශ්‍ය ශක්තිය ලැබී ඇත්තේ මේ මුවන්ගෙන් ලබා ගන්නා කිරි හා මස් පරිභෝජනය කිරීම නිසා බව සොයාගෙන ඇතැයි සදහන්ය.

ඔයිමකොන්හි මේ වන විට 500 පමණ දෙනා වාසය කරයි.යුගයේ නව නිර්මාණ හා ඒවායින් ලබාගත හැකි පහසුකම් ගැන ඔවුන්ගේ කිසිදු උනන්දුවක් නැත.නිවාස උණුසුම් කර ගැනීමට ගිණි උදුන් යොදාගන්නා ඔවුහු ගල් අගුරු හා දර දහනය කිරීම මගින් තාපය උපදවා ගනී.

 



අදහස් (0)

සීතලම ගම රතු රටේ

සුගත් Friday, 25 January 2013 03:33 AM

කාන්තාරයේ ඇති ලස්සන ‍මොකක්ද? මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

නීලා Thursday, 24 January 2013 01:45 PM

හිම වැටෙන රටක ඇති ලස්සන ලංකාවේ නැහැ. ලංකාවේ ඇති ලස්සන හිම වැටෙන රටක නැහැ. කාන්තාරයේ මේ දෙකම නැහැ. (නි)

:       0       0

චූලා Thursday, 24 January 2013 01:46 PM

මේකට කියන්නේ ස්වභාධර්මය කියලා . ඔන්න කට්ටිය ලංකාව ගැන පුරාජේරු ගහනවා එහෙම නෙමෙයි (ස)

:       0       0

මාරසිංහ Thursday, 24 January 2013 01:47 PM

ඇයි රුසියාවය රතු රට කියලා කියන්නේ .සෝවියට් ආණ්ඩුව ඉවර වෙලා දැන් අවුරුදු 20 කටත් වැඩියිනේ (ස)

:       0       0

උපුල් Thursday, 24 January 2013 08:14 PM

"නිවාස උණුසුම් කර ගැනීමට ගිණි උදුන් යොදාගන්නා ඔවුහු ගල් අගුරු හා දර දහනය කිරීම මගින් තාපය උපදවා ගනී." අනේ වාසනාවන්! (නි)

:       0       0

ශීලා Thursday, 24 January 2013 03:10 PM

ලංකාවේ ලස්සන හිම වැටෙන රටේ නෑ , හිම වැටෙන රටේ ලස්සන ලංකාවේ නෑ. කාන්තාරේ ලස්ස මේ දෙකේම නෑ  (ස)

:       0       0

උපාලි Friday, 25 January 2013 08:50 AM

ලස්සන ස්වභාව ධර්මයේ ලස්සනම පුවතක්. (නි)

:       0       0

ලාරා Thursday, 24 January 2013 03:42 PM

2013 අහපු ලස්සනම වැදගත් පුවතක් ලෝකය පිලිබඳව (ස)

:       0       0

ගාමිණි Thursday, 24 January 2013 10:31 AM

මේ මුවෝ ජෝඩුවක් නුවරඑළිය පැත්තට ගෙන්න ගත්තානම් හරි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site