IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සතියක් පුරා ගාසා තීරයේ පැවැති ගැටුම් අවසන්

ඇමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊජිප්තුව මැදිහත් වී ඉදිරිපත් කළ යෝජනාවට එකඟ වෙමින්, සටන් විරාමයකට යෑමට ඊශ‍්‍රායල රජයත් ගාසා තීරය පාලනය කරන හමාස් සටන්කාමී සංවිධානයත් ඊයේ (22) එකඟ විය. ඒ අනුව සතියක් තිස්සේ පැවැති ගැටුම් අවසන් වූ බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, ඊජිප්තු විදේශ ඇමැති මොහොම්මඞ් කමේල් සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසූහ. ඊශ‍්‍රායල රජයත් හමාස් සංවිධානයත් අතර හටගත් අර්බුදය විසඳීමට මැදහත්කරු ලෙස කි‍්‍රයා කළේ ඊජිප්තු රජයයි. ගාසා තීරයේ ගැටුම් උත්සන්න වූ විට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්, ඊජිප්තුවට ගොස් ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සි හමුවී ගාසා අර්බුදය ගැන සාකච්ඡා කළේය. තමන් මැදිහත් වී, ගාසා තීරයේ හටගත් ගැටුම්කාරී තත්ත්වය නැවැත්වීමට වහා පියවර ගන්නා බව ජනපති මොර්සි එහිදී පොරොන්දු විය. ඊජිප්තු විදේශ ඇමැතිවරයා , හමාස් සටන්කාමීන් සහ ඊශ‍්‍රායල රජය සමඟ සාකච්ඡුා ආරම්භ කළේ ඉන් පසුවය. ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ද අවස්ථා කිහිපයකදී ඊජිප්තු ජනපතිගෙන් ඉල්ලා සිටියේ කෙසේ හෝ ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කිරීමට පියවර ගන්නා ලෙසය. සටන් විරාමයට එකඟ වීමත් සමඟ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් හෝ පලස්තීන සිවිල් වැසියන්ට අනතුරක් වන අයුරින් හෝ පහර දීමක් සිදු නොකරන ලෙස ඊශ‍්‍රායල රජය එකඟ වී සිටින අතර හමාස් සටන්කාමීන් ද පවසන්නේ ඊශ‍්‍රායලයට පහර දීම නවතා දැවූ බවය. සටන් විරාමයට තමන් එකඟ වූ බව පිටුවහල් වී සිටින හමාස් නායක කලීඞ් මෙෂාල් මෙන්ම ඊශ‍්‍රයල අගමැති මෙන්ජමින් නෙදන්යාහු ද පවසා ඇත. ගාසා තීරයේ ගැටුම් ඇවිලී ගියේ ඉකුත් 14 වැනිදාය. ඒ, ඊශ‍්‍රායල ගුවන් හමුදා හමාස් සංවිධානයේ හමුදා ප‍්‍රධානී අහ්මඞ් සයිඞ් කලීල් අල් ජාබරි ඝාතනය වීමත්, ඊට විරෝධය දක්වමින් හමාස් සටන්කාමීන් ඊශ‍්‍රායලයට රොකට් ප‍්‍රහාර එල්ල කිරීමත් සමඟය. සතියක් පුරා පැවැති එම ගැටුම්වලින් 160 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සටන් විරාමයට සතුට පළ කරන ගාසා තීරයේ පලස්තීන වැසියෝ ඊජිප්තු ජනපති මෝර්සි (දකුණේ) එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් (මැද) සහ තුර්කි විදේශ ඇමැති මොහොම්මඞ් කමේල් හමාස් නායක කලීඞ් මෙෂාල් සටන් විරාමයට නැමැත්ත පළ කරමින් ඊශ‍්‍රායල අගමැති නෙදන්යාහු  



අදහස් (0)

සතියක් පුරා ගාසා තීරයේ පැවැති ගැටුම් අවසන්

පහන් Friday, 23 November 2012 10:00 AM

පරවියා පැමිණියා, ඉතාම සතුටුයි. (ස)

:       0       0

මධූ Friday, 23 November 2012 12:25 PM

නතර කලේ නැත්නම් වෙන දේ දන්නවානේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site