විපක්ෂ දේශපාලන පක්ෂවල ඉල්ලීම සැළැකිල්ලට ගෙන, දේශපාලන සිරකරුවන් මුදා හැරීමට උතුරු සුඩානයේ ජනපති ඔාමාර් හසන් අල් බෂීර් ඊයේ (2) තීරණය කළේය.
ජනපතිවරයා එම තීරණය ගත්තේ උතුර සහ දකුණ ලෙස සුඩානය, රටවල් දෙකක් බවට පත් වීමෙන් පසු හටගත් මතභේද විසඳීමට තීරණය කිරීමත් සමඟය.
”දේශපාලන සිරකරුවන් සියල්ලන්ම නිදහස් කිරීමට මා තීරණය කළා. එදිරිවාදිකම් අතහැර විපක්ෂ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමටත් දකුණු සුඩානය සමඟ පවතින අර්බුදයට දේශපාලනික විසඳුම් සෙවීමටත් මා පියවර ගන්නවා” යැයි ජනපති අල් බෂීර් ඊයේ පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.
බෂීර් බලයේ රැඳී සිටින්නේ 1989 වසරේ සිටය. එදා මෙදා ඔහුගේ අණ පරිදි අත්අඩංගුවට ගත් සිරකරුවන් ගණන කොපමණදැයි මෙතෙක් අනාවරණය වී නැත.
2025 දෙසැම්බර් මස 04
803
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සුඩානයේ දේශපාලන සිරකරුවන්ට නිදහස